
(චමින්ද මුනසිංහ)
මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 69.33ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට ලෝක බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඉකුත්දා (22) අත්සන් කළේය.
මේ අනුව බස් නැවතුම් පහසුකම්, ප්‍රවේශ මාර්ග සහ ජලාපවහන පද්ධතිය ඇතුළු නවීන පහසුකම් සහිත ක්‍රියාකාරී ප්‍රවාහන පර්යන්තයක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නගරයේ තැනින් තැන විසිරී අක්‍රමවත්ව පවතින ප්‍රවාහන පර්යන්ත හා මහනුවර නගරයේ ඇතිවන තදබදයට ස්ථාවර විසඳුමක් ලබාදෙන අතර විවිධ ප්‍රවාහන ක්‍රම අතර මගීන්ට මාරුවීමට වඩා හොඳ පහසුකම් ද සපයනු ඇත. ව්‍යාපෘතිය පොදු ප්‍රවාහනය වඩාත් ක්‍රමානුකූල කිරීම සඳහා කාලෝචිත අවශ්‍යතාවක් වන අතර එමගින් මහනුවර නගරය වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම අපේක්ෂාව වී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව සහනදායී ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 64.33ක ණය මුදලක් සහ සහනදායී නොවන ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක ණය මුදලක් ලබාදීමට එකඟවී ඇත. මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරි විසින් ක්‍රියාත්මක කරනු ඇත. ඓතිහාසික සමාජ හා ආර්ථික වටිනාකම සැලකිල්ලට ගනිමින්, ජාතික නගර සංකල්පය යටතේ සංවර්ධනය කළ යුතු නගර ලෙස මහනුවර නගරය ඇතුළු නගර ගණනාවක් ප්‍රධාන සැලැස්ම තුළින් හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ලෝක බැංකුව වෙනුවෙන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජිත ෆරිස් එච්. නසාඩ් සර්වෝර්ස් යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර ප්‍රවාහනය සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩො.මි. 69ක්