IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහනුවර සුවසෙවණ රෝහලේ නවතම Cardiothoracic Modular ශල්‍යාගාරය විවෘත කෙරේ

මධ්‍යම පළාතේ පෞද්ගලික රෝහලක් වන සුවසෙවණ රෝහල අතිනවීන පහසුකම් සහිත Cardiothoracic Modular ශල්‍යාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. රෝගීන්ට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවක් පිරිනැමීම සඳහා සුවසෙවණ රෝහල දරන නිරන්තර උත්සාහයේ තවත් අදියරක් වන මෙම ශල්‍යාගාරය තුළ සංකීර්ණ හෘද සැත්කම් සිදු කළ හැකි වේ. 

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඞ් ඉමාඞ් මහතා විසින් ශල්‍යාගාරය විවෘත කරන ලදී. එය විවෘත කිරීමේ උත්සවයට  ආරාධිතයන් සහ රෝහලේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

මෙම ශල්‍යාගාරය Laminar airflow, HEPA filtration සහ ක්ෂුද්‍රජීවීන් විනාශ කරන බිත්ති ආලේපන ඇතුළු ඉහළම තලයේ පහසුකම්වලින් සමන්විත වේ. මෙම පහසුකම් මෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය නිවැරදිව පාලනය කිරීම නිසා විශේෂයෙන් කිරීටක ධමනි බයිපාස් සැත්කම් [Coronary Artery Bypass Grafting (CABG)],, කපාට අලු‍ත්වැඩියා සහ සංජානනීය හෘද රෝග සඳහා සිදු කරන සැත්කම් වැනි ඉහළ අවදානම් සහිත සැත්කම්වලදී ආසාදන ඇති වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු වී ශල්‍යකර්ම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව ඉහළ යයි.  

“අපගේ රෝගීන්ට වඩාත් සාර්ථක හා සුරක්ෂිත සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීමට අප සෑම විටම කටයුතු කරනවා. Cardiothoracic Modular ශල්‍යාගාරයක් ස්ථාපිත කිරීම එම උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. එමගින් මධ්‍යම පළාත තුළ හෘද සැත්කම් සඳහා විශ්වාසය දිනූ රෝහලක් ලෙස අප සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු වේවි.” සුවසෙවණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පැස්කුවල් මහතා පැවසීය. 

මෙම ශල්‍යාගාරයට අමතරව Ventilator යන්ත්‍ර, Intra-Aortic Balloon Pumps (IABP) සහ Continuous Telemetry ඇතුළු පහසුකම්වලින් සමන්විත, පැය 24 පුරා ක්‍රියාත්මක හෘද රෝග දැඩි සත්කාර ඒකකයක්ද සුවසෙවණ රෝහල සතුය. එමෙන්ම හෘද රෝග සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක්ද සුවසෙවණ රෝහලේ සේවයේ යෙදී සිටිති. මේ නිසා රෝගීන්ට රෝහලට ඇතුළත් වන අවස්ථාවේ සිට රෝහලෙන් පිටව යන අවස්ථාව දක්වාම ඉහළම සත්කාරයක් හිමි වේ. 

එමෙන්ම සැත්කම් අතරතුර මතු වන හදිසි අවශ්‍යතා සඳහා වෙනම රුධිර බැංකුවක්ද සුවසෙවණ රෝහල සතුය. මේ නිසා සැත්කම්වල කාර්යක්ෂමතාව සහ රෝගීන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වේ. 

“සුරක්ෂිත සැත්කම් සිදු කිරීම සඳහා අපට හැකියාව ලැබී ඇත්තේ අප සතු පළපුරුදු කාර්ය මණ්ඩලය සහ ප්‍රවීණ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම නිසයි.” සුවසෙවණ රෝහලේ සන්නාමකරණ ප්‍රධානී ශ්‍රීමත් බණ්ඩාර වැලිවිට මහතා පැවසීය. 

ආසාදන පාලනය දැඩි ලෙස සිදු කිරීම සඳහා සුවසෙවණ රෝහල ඔටෝක්ලේව් යන්ත්‍ර භාවිතය, එතිලීන් ඔක්සයිඩ් වායු විෂබීජහරණය සහ විෂබීජහරණය කළ කලාප පවත්වා ගැනීම ඇතුළු ජාත්‍යන්තර විෂබීජහරණ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන අතර, ඒවා සම්බන්ධයෙන් නිතිපතා තත්ව පරීක්ෂාවන්ද සිදුකරනු ලැබේ. 



අදහස් (0)

මහනුවර සුවසෙවණ රෝහලේ නවතම Cardiothoracic Modular ශල්‍යාගාරය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site