
අනාගත ලෝකයට අඩිතාලම වී අභියෝග මැද ඉදිරියටම යන තාරුණ්‍යයේ ශක්තිය ඉස්මතු කෙරෙන, ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති YES CASH CARNIVAL ඔස්සේ රුපියල් මිලියන 4.5කට අධික තිළිණ හිමිකරගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත.
මෙම වැඩසටහන 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වන අතර, CASH WHEEL MONDAY, SHARE & WIN iy GRAND PRIZE යනුවෙන් දිනුම් ඇදීම් තුනකින් සමන්විත වේ.
මෙහි CASH WHEEL MONDAY දිනුම් ඇදීමට ඇතුළත් වීමට අදාළ කාලය තුළ දැනට පවත්නා හෝ අලුතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක් තැන්පත් කළ යුතු අතර, සෑම සඳුදා දිනයකම සිදුකරන දිනුම් ඇදීමෙන් රු.25,000/-ක් හිමිවන Prime Winner බවට ඔබට පත්විය හැක. අනතුරුව ඔබේ සමීපතම මිතුරන් හතර දෙනෙක් නම් කර, ඔවුන් නමින් දැනට පවතින හෝ අලුතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක නව මුදල් තැන්පතුවක් 2026 ජනවාරි 01 දක්වා පවත්වා ගෙන ගොස් රු.10,000/-ක් දිනාගත හැකි අතර, පස් දෙනකුගෙන් යුත් එක් කණ්ඩායමකට දිනාගත හැකි මුදල රු.65,000කි. එවැනි කණ්ඩායම් 35කට දිනුම් ඇදීමේ කාල සීමාව තුළ රුපියල් මිලියන දෙකකට අධික මුදලක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම වැඩසටහනේ SHARE & WIN දිනුම් ඇදීම සඳහා ඇතුළත් වීමට පළමුවෙන්ම ඔබ සිදුකළ යුත්තේ මහජන බැංකුවේ Facebook පිටුවේ Upload කර ඇති YES CASH CARNIVAL ගැන සඳහන් කර ඇති Post එක ඔබේ Facebook Timeline (Profile) tfla #yescashcarnival Hashtag එක යටතේ Share කිරීමයි. අනතුරුව එහි Screenshot එකක් ගෙන, https://www.peoplesbank.lk/yes-cash-carnival/ යන URL එකට ගොස් එයSubmit කළ යුතුය. මේ තුළින් දින 5කට වරක් තෝරගනු ලබන ජයග්‍රාහකයන් 10 දෙනකුට රුපියල් 10,000/- බැගින් රු. 100,000/- ක ක්ෂණික මුදල් තෑගි පිරිනැමේ.
මෙහි GRAND PRIZE සුපිරි දිනුම් ඇදීමෙන් රු. මිලියන 2.5ක මුදල් තිළිණ පිරිනැමේ. ඒ අනුව 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES ගිණුමේ රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, 2026 ජනවාරි 01 වැනි දින දක්වා පවත්වා ගෙන යන 25 දෙනකුට රු.100,000/- බැගින් රු.මිලියන 2.5ක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.
තරුණ පරපුර ඉතිරිකිරීම සඳහා යොමුකරමින්, ස්වශක්තියෙන් නැගීසිටීම සඳහා ශ්‍රී ලාංකිය තරුණ පරපුර සවිබලගැන්වීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර https://www.peoplesbank.lk මහජන බැංකුවේ නිල වෙබ් අඩවියෙන් සහ Facebook පිටුවෙන් ලබා ගත හැක.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුවේ YES CASH CARNIVAL වෙතින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ