
මහජන බැංකුව ‘People’s Remittance වාසි කෝටියයි 2025’ තෑගි තරගයේ ‘දොළොස්මහේ වාසි චක්‍රය’ වැඩසටහන යටතේ මහජන බැංකුවේ 64 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් කළ ‘People’s Remittance සංවත්සර ප්‍රණාම’ දිනුම් ඇදීම කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විණි.
ඒ අනුව මහජන බැංකුවේ 64 වැනි සංවත්සරය යෙදි තිබූ 2025 ජූලි 01 වැනි දින පැවති මෙම දිනුම් ඇදීමේදි රු.15,000/- බැගින් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත තෑගි මලු 64ක් හිමිවන ජයග්‍රාහකයන් 64 දෙනා තෝරාගැනිණි.
මේ දිනුම් ඇදීම සඳහා 2025.01.01 සිට 2025.06.30 දක්වා People’s Remittance හරහා මහජන බැංකු ගිණුම් වෙත විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලැබූ ගනුදෙනුකරුවෝ සුදුසුකම් ලැබූහ.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි ඊ.ඒ.එම්. දිසානායක, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (වාණිජ ණය හා වැ.බ. මූල්‍ය ප්‍රධානි) තුෂාරි හේවාවසම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) බුද්ධික රණතුංගගේ, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශ්‍රීයානි නාපාගොඩ යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන් ඇගයීමේ අරමුණින්, ‘People’s Remittance ‘වාසි කෝටියයි 2025 දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදි. මේ යටතේ වසරේ සති 52ට බැංකොක් සවාරි සමග දොළොස්මහේ වාසි චක්‍රයෙන් දිනුම් අවස්ථා රැසක් හිමිවේ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - සංවත්සර ප්‍රණාම’ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ