IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමේ ප්‍රධාන දේශනය මහ බැංකු අධිපතිගෙන්

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිරිනමන අයුරු 


මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමක් කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ‘2025 සහ ඉන් ඔබ්බට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට අනුකූලව බැංකුකරුවන්ගේ වගකීම්’ යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.

ඉදිරි වසර සඳහා මහ බැංකුවේ උපායමාර්ගික දිශානතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මහ බැංකු අධිපතිවරයාගේ දේශනයෙන් ඉදිරිපත් කෙරුණු අතර, ජාතික ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට සහාය වීම සඳහා මූල්‍ය ආයතන විසින් ඉටු කළ යුතු තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙහි දී අවධාරණය කෙරිණි. එමෙන්ම නියාමන පෙළගැස්ම, ආයතනික වගවීම සහ තිරසාර බැංකු භාවිතයන් අනුගමනය කිරීම පිළිබඳ කාලෝචිත හා ඉදිරිගාමී අනාගත අරමුණු මෙම දේශනයට ඇතුළත් විය. 

පරිණාමය වෙමින් පවතින මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මහජන බැංකුවේ අවබෝධය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් මෙම සැසිවාරය මගින් ලැබුණු අතර, මූල්‍යමය වශයෙන් දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන ජාතික න්‍යාය පත්‍රයට අනුකූලව, නියාමන අනුකූලතාව සහ තිරසාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිති පවත්වා ගැනීම සඳහා බැංකුවේ ඇති කැපවීම මේ තුළින් ශක්තිමත් විය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, මහබැංකු අධිපතිවරයාගේ ලේකම් එරන්දි ලියනගේ මහත්මිය සහ බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෝ සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

 



අදහස් (0)

මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමේ ප්‍රධාන දේශනය මහ බැංකු අධිපතිගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site