IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහජන බැංකුවේ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන යන මහත්වරුන් සභාව අමතමින්.

 

ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් මහජන බැංකුව සංවිධානය කළ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’ ප්‍රදර්ශනය ගම්පහ මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විණි.

මෙය විදුලි උපකරණ, හරිත නිෂ්පාදන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථවාහන, නව ව්‍යාපාරික අදහස්, සූර්ය බලශක්ති පද්ධති, සැකසූ ආහාර පාන, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන, රෙදිපිළි, නිමිඇඳුම් හා පාවහන්, ඇතුළත් වෙළෙඳ කුටිවලින් සමන්විත විය. එමෙන්ම ව්‍යවසායකත්වය සම්බන්ධ දේශන හා සම්මන්ත්‍රණ, උපදේශන සේවා, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ වැඩසටහන්, SME Credit Card හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් රැසකින් මෙය සමන්විත විය.

මෙහි සමාරම්භක අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය, ගම්පහ නගරාධිපති එරික් ලක්ෂ්මන් එදිරිවික්‍රම, දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, බැංකු කාර්ය මණ්ඩලය සහ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

මීට අමතරව, ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමේ අවස්ථාව සලසමින් මහජන බැංකුව ප්‍රාදේශික මට්ටමින් වෙළෙඳ ප්‍රදර්ශන සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

මහජන බැංකුවේ SME Credit Card කාඩ්පත සහ සුළු හා මධ්‍ය පරිමාණ ණය මුදලක් පිරිනමමින්

 



අදහස් (0)

මහජන බැංකුවේ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site