IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට

මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ, අමාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම සම්මානය මහජන බැංකුවට හිමිවූයේ අඛණ්ඩව පස්වැනි වරට වන අතර, මේ තුළින් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරමින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහිත ආයතනික සංස්කෘතියක්  පෝෂණය කිරීම වෙනුවෙන් සිය ස්ථිරසාර කැපවීම නැවතත් තහවුරුවී ඇත. එමෙන්ම නායකත්ව සංවර්ධනය, උපදේශන අවස්ථා සහ ආරක්ෂිත පරිසරය මෙන්ම එකිනෙකා කෙරෙහි සහයෝගය දක්වන සේවා වටපිටාවක් සහතික කිරීම සඳහා වන බැංකුවේ භාවිතයන් හා ප්‍රතිපත්ති මෙම සම්මානය මගින් නැවතත් පිළිබිඹු වේ. මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 60ක්  කාන්තාවන්ගෙන් සමන්විත වන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත්‍රවල ඉදිරියට යාම සඳහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් සවිබල ගන්වයි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම් සහ කාඩ්පත්)/ (ක්‍රමෝපාය සැලසුම්, කාර්යසාධන කළමනාකරණ හා පර්යේෂණ (වැඩබලන) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියණගුනවර්ධන සහ සහකාර සාමාන්‍යාධිකාරිනි (මානව සම්පත්) අමල්කා රණසිංහ යන මහත්ම මහත්මීහු එක්වූහ. 



අදහස් (0)

මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site