IMG-LOGO

මහජන බැංකුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් රැසක්

ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ දිනය ජුනි මස 27 දිනට යෙදී තිබේ. එය නිමිති කරගනිමින් මහජන බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ ව්‍යවසායකයන්ගේ වර්ධනය වෙනුවෙන් සිදුකරන කාර්යභාරය හා ඉදිරි අරමුණු පිළිබඳ මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) චමින්ද ඉහළකෝරාළ මහතා සහ ප්‍රධාන කළමනාකාරිනි (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) චමරි පෙරේරා මහත්මිය සමග කළ සාකච්ඡාවකි මේ.

Q: මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති මූල්‍ය පහසුකම් මොනවාද? 
මහජන බැංකුව 1961 ජුලි මස 01 වැනිදා පිහිටුවීමේ මූලික අරමුණු අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමද වෙනවා. ඒ අනුව ආරම්භයේ සිටම අප එම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ණය පහසුකම් ඇතුළු විවිධ සේවා පිරිනමනවා.
වර්තමානයේදි මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට මූල්‍ය නිමැවුම් හා සේවා රැසක් පිරිනමනවා. ඒ අතර, SMED ණය යෝජනා ක්‍රමය, Business Power ණය යෝජනා ක්‍රමය, සූර්ය බලශක්ති ණය යෝජනා ක්‍රමය, හරිත සවිය ණය යෝජනා ක්‍රමය, වී වගාව, පොල් වගාව සහ අනෙකුත් වගාවන් සඳහා ලබා දෙන කෘෂිකාර්මික ණය පහසුකම්, නිෂ්පාදන ව්‍යාපාර සඳහා ඉතා අඩු පොලී අනුපාතික යටතේ ණය මුදල් ලබාදීම, කාන්තාවන් සඳහා ‘වනිතා සවිය’ ණය යෝජනා ක්‍රමය, තරුණ ව්‍යවසායකයන්ට සහ නව ව්‍යාපාර ආරම්භ කිරීමට People’s Spark  ණය යෝජනා ක්‍රමය, ජාතික ණය සුරැකුම් ආයතනය සමඟ සම්බන්ධවී ඇප රහිතව ණය ලබා දෙන NCGIL  ණය ක්‍රමයද වෙනවා.
එමෙන්ම මහජන බැංකුව තිරසර හා හරිත ව්‍යාපාර සඳහා සුවිශේෂ ණය යෝජනා දෙකක් හඳුන්වා දී තිබෙනවා.
එහි පළමුවැන්න  “Green Power”  ණය යෝජනා ක්‍රමයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ Green Finance Taxonomy  යටතේ වන සියලු හරිත ව්‍යාපාර සඳහා යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලිහිල් සුරැකුම් මත සහ මුදල් ප්‍රවාහය මත විචල්‍ය පොලි අනුපාතය පදනම් වූ සහනදායි පොලී අනුපාතයකට උපරිම ණය මුදල රු. මිලියන 500 දක්වා ලබා ගත හැකි වෙනවා. 
දෙවැනි ණය යෝජනා ක්‍රමය වන්නේ මහජන බැංකුව විසින් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය (Rooftop Solar & Ground Mounted Solar)  විශේෂ ණය යෝජනා ක්‍රමයයි. ඒ යටතේ සාධාරණ නිශ්චිත පොලි අනුපාතයකට උපරිම ණය මුදල රු.මිලියන 500 දක්වා පිරිනැමෙනවා.


Q: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය පහසුකම් පිරිනැමිමේදී අවධානයට යොමුකරන නිර්ණායක සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය කුමක්ද?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ජාතික නිර්වචනවලට අනුව, සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස හඳුනා ගැනීම සඳහා අදාළ ව්‍යාපාරයේ  වාර්ෂික පිරිවැටුම රු. මිලියන 20 සිට 350 අතර විය යුතු අතර, සේවක සංඛ්‍යාව 10 සිට 50  අතර විය යුතුය. මධ්‍ය පරිමාණ ව්‍යාපාර වාර්ෂික පිරිවැටුම රු. මිලියන 350 සිට රු. බිලි 1.0 අතර විය යුතු අතර, සේවක සංඛ්‍යාව 51 සිට 200 අතර විය යුතුය.
බැංකු ණය පහසුකම් සඳහා අයදුම් කිරිමේදී අයදුම්කරු මූල්‍ය හා මෙහෙයුම් ශක්‍යතාවෙන් යුතු ව්‍යාපාර කර්තව්‍යයක නියැලිය යුතු අතර, බැංකුවේ ණය ලබාදීමේ යෝග්‍යතා සපුරා තිබිය යුතුය. මේ යටතේ සුදුසුකම් ලබන ව්‍යාපාර අංශ ලෙස කෘෂිකර්මාන්තය, කෘෂි ආශ්‍රිත ව්‍යාපෘති / ව්‍යාපාර, කර්මාන්ත, වෙෙළඳාම්, කිරි නිෂ්පාදන සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, පශු සම්පත් ව්‍යාපාර, විසිතුරු මත්ස්‍ය ව්‍යාපාර, ධීවර කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර, ඇඟ`ඵම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා හෝටල් ව්‍යාපෘති, ගොඩනැගිලි ඉදිකිරීම්, මුද්‍රණ ව්‍යාපාර, අධ්‍යාපන, සේවා සැපයීමට අදාළ ව්‍යාපාර, ආනයන හා අපනයන ව්‍යාපාර, සෞඛ්‍ය සේවාව හා ඒ ආශ්‍රිත ව්‍යාපාර හා වෙනත් ඕනෑම ආර්ථික කටයුත්තක නියැලෙන ව්‍යාපාර අංශ නම් කළ හැකි වේ. එමෙන්ම අයදුම්කරුවන් කිසිදු මූල්‍ය ආයතනයකින් ණය ලබා ගෙන පැහැර හැරිය අයකු නොවිය යුතුයි.


Q: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ උන්නතිය වෙනුවෙන් මහජන බැංකුව පිරිනමන වෙනත් පහසුකම් මොනවාද?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ශාඛා ජාලයෙන් පිරිනමන මූලික සේවාවලට අමතරව ප්‍රාදේශික 25ක් පුරා විහිදුනු ප්‍රාදේශිය ණය ඒකක (Regional Credit Units) වෙතින් වඩාත් විධිමත් හා පුළුල් සේවාවක් ලබාදෙනවා. එමෙන්ම විදේශීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වන සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපනයන ඒකක (Export Hubs)  ස්ථාපිත කර ඇත. 
තවද ආසියානු සංවර්ධන බැංකුව (ADB),  ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව (AAIB) මෙන්ම මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමග එක්ව සහනදායි ණය පිරිනමයි. නොසිතූ මොහොතක ඔබේ ව්‍යාපාර අඩාල වුවහොත් බැංකුවේ ව්‍යාපාර පුනරුත්ථාපන/ පුනර්ජීවන ඒකකය (Business Revival Unit)  මඟින් ඒවා නඟා සිටුවීමට අවශ්‍ය පහසුකම් ද සලසා දෙනු ලබයි.


Q: මහජන බැංකුව ව්‍යවසායකයන් වෙනුවෙන් උපදේශන හා මාර්ගෝපදේශන සේවාද පිරිනමනවා නේද?
සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය විනය, මූල්‍ය සාක්ෂරතාව, මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කාන්තා සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් හට තම ව්‍යාපාරවලට බලපාන මූල්‍ය සහ දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා වන දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් සිදු කරනු ලබයි. 
මීට අමතරව මේ වන විට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (IDB)  කාර්මික සංවර්ධන අධිකාරිය  (NEDA)  හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  යන ආයතන සමඟ සම්බන්ධවී ගනුදෙනුකරුවන්ට දැනුම ලබා ගැනීමට අවශ්‍ය වේදිකා (Platform)  නිර්මාණය කර ඇත. 
එමෙන්ම දිවයින පුරා විහිදි සිටින අපගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට යාවත්කාලින වූ ආර්ථික හා ව්‍යාපාර තොරතුරු ලබාගැනීම, නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගැනීම හා ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතා හඳුනා ගැනීම ඇතුළු ගුණාත්මක සේවාව ලබාගැනීමට හැකි වන සේ ඔවුන් සියලු දෙනාම සම්බන්ධ වන  SME Business Club  නමින් සමූහයක් පිහිටුවීමට බැංකුව කටයුතු කරමින් සිටි.


Q: අවසන් වශයෙන් ලෝක සුළු හා මධ්‍ය පරිමාණ දිනය වෙනුවෙන් මහජන බැංකුවේ සූදානම ගැන පැවසුවහොත්.
මහජන බැංකුව මෙවර ලෝක සුළු හා මධ්‍ය පරිමාණ දිනයට සමගාමීව ‘ව්‍යවසායකත්ව උදානය - 2025’ වෙළෙඳ ප්‍රදර්ශනය ජුනි 27 හා 28 දෙදින ගම්පහ මහ නගර සභා ක්‍රිඩාංගනයේ පැවැත්වීමට සියලු කටයුතු කර තිබෙනවා. මෙහිදි වෙළෙඳ කුටි, උපදේශන සේවා, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ වැඩසටහන්, SME Credit Card  හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. මීට සමගාමිව දිවයින පුරා සියලුම ප්‍රාදේශිකයන් ආවරණය වන පරිදි ජුනි 27 වැනි දින දිවයින පුරා ප්‍රාදේශිකයන්හි ව්‍යවසායකත්ව අලෙවි ප්‍රදර්ශන සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ.



අදහස් (0)

මහජන බැංකුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 343 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 262 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site