මහජන බැංකුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) සඳහා නවAffinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වාදෙයි. එය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ 02, මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කසුන් ගුණරත්න, ආදි ශිෂ්‍ය එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) උදේනි රාජපක්ෂ සහ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් සචිත්‍ර ප්‍රභා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණය සහ තත්ව සහතික) නිල්මිණි ප්‍රේමලාල්, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස්, කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර සහ අලෙවි) අරුණ දන්තනාරායන සහ කළමනාකාරිනී (කාඩ්පත් ව්‍යාපාර සහ නිෂ්පාදන) චලනි සේනානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
එමෙන්ම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් දුලිප් සොමිරත්න - ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, හර්ෂ රන්දෙණිය - ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සහ දේශීය කළමනාකරු (මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාව සහ මාලදිවයින), අරුණ රාජපක්ෂ - ගුවන්තොටුපොළ කළමනාකරණ ප්‍රධානී (ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම) යන මහත්වරු සහ තවත් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
බණ්ඩාරනායක විද්‍යාලයීය Affinity ක්‍රෙඩිට් කාඞ්පත එහි ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, එම ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික ගාස්තු ගෙවීම ඇතුළු විවිධ කාර්යයන් සඳහා භාවිත කළ හැක. සෑම කාඞ්පතකින්ම එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කොටසක් විද්‍යාලයීය සංවර්ධන කටයුතු සඳහා සෘජුවම පරිත්‍යාග කෙරේ.
මෙම කාඩ්පත් හිමියන්ට ආකර්ෂනීය වට්ටම්, නම්‍යශීලී වාරික සැලසුම් සහ වසර පුරාම පිරිනමන විවිධ දීමනා ඇතුළු සුවිශේෂ වරප්‍රසාද රැසක් හිමිවේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහජන බැංකුවෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයටAffinity ක්‍රෙඩිට් කාඩ්පතක්