මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර තිබේ.
මහජන බැංකුව, ශාඛා හා සේවා මධ්‍යස්ථාන 751 කින් සහ ATM,CDM හා CRM යන්ත්‍ර 1,150කට අධික පුළුල් ජාලය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට අසමසම සේවාවක් පිරිනමයි. එමෙන්ම එහි People’s Wave App, People’s Wyn Apps සහ People’s Pay Digital Wallet app යන යෙදවුම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට සමත් වී තිබේ. මේ වනවිට මිලියන 2.3ක අධික සක්‍රිය පරිශිලකයන් පිරිසක් People’s Wave යෙදවුම බාගත කර ඇති අතර, 50කට වැඩි විවිධ මූල්‍ය ගනුදෙනු සේවා සංඛ්‍යාවක් සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු සේවා ඉටු කරගැනීමට හැකියාව ලබාදෙන නවීන බැංකු පහසුකම් රැසක් ද මෙම සේවාවෙහි අන්තර්ගත වේ.
2025 නොවැම්බර් මස 04
171
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්