IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මුල් මාස හයේ තේ අපනයනය වැඩි වෙලා


(හර්ෂණ තුෂාර සිල්වා)
 
මේ වසරේ මුල් මාස හයක කාලයේදී තේ අපනයන සියයට 17.8කින් වර්ධනය වී තිබේ. තේ අපනයන පරිමාව සියයට 9.5කින් පහළ ගියද ඉහළ මිල ගණන් නිසා තේ අපනයන වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා සඳහන් කරයි. 
 
පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 618.4ක් වූ අතර මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේදී එය රුපියල් මිලියන 728.4ක් දක්වා වැඩි විය. 
 
ජාත්‍යන්තරයේ ඉහළ තේ මිල ගණන් නිසා පසුගිය වසරේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 139ක් දක්වා සියයට 13.7කින් වර්ධනය විය. පසුගිය වසරේ ජූනි මාසයේදී තේ අපනයන ආදායම රුපියල් මිලියන 122ක් විය.
 
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉහළ තේ මිල ගණන් හා සමගාමීව ශ්‍රී ලංකාවේ තේ සඳහා වූ සාමාන්‍ය අපනයන මිල පසුගිය වසරේ ජූනි මාසයේදී කිලෝග්‍රෑමයකට ඇමෙරිකානු ඩොලර් 4.27 සිට මේ වසරේදී ඩොලර් 5.36ක් දක්වා ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකු තවදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

මුල් මාස හයේ තේ අපනයනය වැඩි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site