IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මූල්‍ය අරමුදලෙන් දෙවැනි ණය වාරිකයට අනුමැතිය

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාවට ලබාදෙන දීර්ඝ කරන ලද ණය සහනයේ ඇමරිකානු ඩොලර් මිලියන 167.2ක දෙවැනි වාරිකය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

දෙවැනි ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් දූත පිරිසක් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔවුන් සැපයූ වාර්තාව සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබා දී තිබේ.

නව දේශීය ආදායම් බදු පනත මූල්‍ය ඒකග්‍රතාවට සහාය දක්වනු ඇතැයි ද බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ කරන්නැයි ද සමාජ සහ සංවර්ධන වැඩසටහන් සඳහා මූලාශ්‍ර ජනනය කරන්නැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විනිමය අනුපාතයේ නම්‍යශීලිතාව වැඩි කිරීමෙන් සහ විදේශ සංචිත ක්‍රමයෙන් වැඩි කිරීමෙන් ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ තිබෙන අනතුරුදායක තත්ත්වය මඟ හරවා ගැනීමට හැකිවනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ඉකුත් වසරේ ජූනි මාසයේදී මාස 36ක් කාලයක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළේය. එහි පළමු වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හිමි වූ අතර මෙවර අනුමත වූයේ එහි දෙවැනි වාරිකයයි. කාර්තු වශයෙන් කෙරෙන නිරීක්ෂණ යටතේ වාරික හයකදී සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 1.5ක ණය මුදල ගැනීමට සමාන්තරව පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වඩාත් කාර්යක්ෂම කිරීමටත් රාජ්‍ය ව්‍යවසාය තුළ ස්වයංපාලනයක් පවත්වාගෙන යෑමටත් අදාළ ප්‍රතිසංස්කරණවලට මාර්තු මාසයේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබිණි.

ණය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාව දියත් කරන ලද ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි බව ද සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්ව ස්ථාවර මට්ටමක පවතින බව ද විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව වැඩබලන ප්‍රධානී සහ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක මිත්සුහිරෝ ෆුරුසුවා මහතා කීය.

 



අදහස් (0)

මූල්‍ය අරමුදලෙන් දෙවැනි ණය වාරිකයට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site