නිමල කොඩිතුවක්කු
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහිදී බිම් මෙහෙයුම් සේවා සැපයීම සඳහා දැනට පවතින කොන්ත්‍රාත්තුව 2025-06-30 දිනෙන් අවසන් වීමට නියමිතය. එබැවින් ඉදිරි වසර 3 ක කාලය සඳහා බිම් මෙහෙයුම් සේවා සපයන්නකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ඉදිරිපත් ව තිබූ ලංසු හතරක් සමාලෝචනය කිරීමෙන් අනතුරුව Dnata Airport Services Pty Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.
ඒ අනුව මෙල්බර්න් ගුවන් තොටුපොළෙහි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ (ගුවන් මගීන්, භූමි සේවා සැපයීම් සහ භාණ්ඩ ගබඩා හසුරවාලීමේ) කොන්ත්‍රාත්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 13,124,402 ක සමස්ත ඇස්තමේන්තුගත පිරිවැයකට එකී සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
554
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙල්බර්න් ගුවන්තොටුපොළේ ශ්‍රී ලන්කන් බිම් මෙහෙයුම් සේවා Dnata Airport Services සමාගමට