IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැලිබන් සමාගමට Dragons of Sri Lanka රන් සම්මානයක් ඇතුළුව සම්මාන 5ක්

මැලිබන් සමාගම පසුගියදා පැවති Dragons of Sri Lanka Awards 2025’ හිදී රන් සම්මානයක්, රිදී සම්මානයක් සහ Black Dragons  සම්මාන 3 ක් දිනාගැනීමට සමත් විය. මැලිබන් සමාගම මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම මෙම ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. Dragons of Asia ජාලයේ කොටසක් ලෙස පවත්වනු ලබන Dragons of Sri Lanka සම්මාන උළෙලේදී මෙරට වඩාත්ම නිර්මාණශීලී අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක් වේ.
වසර 70 කට අධික උරුමයක් සහිත මැලිබන් සමාගම මෙරට මෙන්ම විදේශයන්හිද විශාල ජනප්‍රියත්වයක් දිනා සිටී. පසුගිය කාලය තුළ විවිධ අංශ තුළින් මෙබඳු ජයග්‍රහණ වාර්තා කිරීමට මැලිබන් සමත් විය. නිර්මාණශීලීත්වයේ බලය සම්බන්ධයෙන් කවදත් විශ්වාසය තබා ඇති මැලිබන්, තම අලෙවිකරණ හා ප්‍රචාරණ කටයුතුවලදී ආයතනික වටිනාකම් මූලික කරගනිමින් සම්මතයන්ට අභියෝග කරන නව්‍ය නිර්මාණ සිදුකිරීමට සෑම විටම උත්සාහ දරයි. 
සිය දශක 7 ක ඉතිහාසය පුරාම මෙරට පාරිභෝගිකයන්ගේ මුවග රැඳුණු නාමයක් වූ මැලිබන්, පරපුරෙන් පරපුරට වෙනස් වන රුචිකත්වයන් අනුව තම නිෂ්පාදන මෙන්ම සන්නාම අනන්‍යතාවද වැඩිදියුණු කරගැනීමට පියවර ගෙන තිබේ. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මැලිබන් තම නිෂ්පාදන කටයුතු සඳහා නිරන්තරයෙන් නවෝත්පාදන භාවිතයට ගෙන ඇති අතර, ප්‍රචාරණ කටයුතු සඳහා පාරිභෝගිකයන්ගේ හදවත්වලට සමීප ආකර්ෂණීය සන්නිවේදන රටාවන් භාවිත කර ඇත. 
“මෙම සම්මාන පුරෝගාමී අදහස් සාර්ථක නිර්මාණ බවට පත් කළ විට කෙතරම් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත හැකිද යන්නට මනා සාක්ෂියක්. සන්නාමයක් වශයෙන් මැලිබන් අතීතයේ පටන්ම නිර්මාණශීලීත්වයට හා නවෝත්පාදනයට මුල් තැන දී කටයුතු කර තිබෙනවා.Dragons of Sri Lanka සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදී මෙලෙස සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. එය නිර්මාණශීලීතත්වයේ හා සහයෝගීත්වයේ බලය සම්බන්ධයෙන් අප තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරනවා.” මැලිබන් සමූහ ව්‍යාපාරයේ සමූහ ආයතනික සන්නිවේදන ප්‍රධානී පෝසිත පෙරේරා මහතා පැවසීය. 
මෙම ජයග්‍රහණ වෙනුවෙන් මැලිබන් සමාගම තම දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා සහය වන MullenLowe, LoweActive, Ogilvy Media  යන සමාගම්වලට තම හෘදයාංගම ස්තූතිය පළකර සිටී. මෙම ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතුවලදී අදාළ මූලික පණිවිඩ මැනැවින් සමාජගත කරන අතරම පාරිභෝගිකයන්ගේ මතකයන් තුළ සදා රැකෙන ආකාරයට එම වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා එම සමාගම් ලබාදෙන දායකත්වය සුවිශාලය.



අදහස් (0)

මැලිබන් සමාගමට Dragons of Sri Lanka රන් සම්මානයක් ඇතුළුව සම්මාන 5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site