IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලට

දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් සිය නවතම 74 සහ 75 වැනි ශාඛා ද්විත්වය උතුරු පළාතේදී පසුගියදා විවෘත කරන ලදී. 
ඒ අනුව කිලිනොච්චිය නගරයේ A9 මාර්ගයේ අංක 151 දරන ස්ථානයේදී මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි 74 වැනි ශාඛාව සහ පුතුකුඩියිරිප්පු නගරයේ පරන්ත පාරේ අංක 1 දරන ස්ථානයේදී ඔවුන්ගේ 75 වැනි ශාඛාව විවෘත විය. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩට්ජි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නියෝජනය කරන සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙරට අවම පහසුකම් සහිත ප්‍රදේශවල සිය ශාඛා ජාලය කඩිනමින් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සතු දැක්ම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස මෙම දියත් කිරීම හැඳින්විය හැකිය. සියලු‍ම සංස්කෘතික, ආගමික මෙන්ම විවිධ සමාජ පසුබිම් නියෝජනය කරන ප්‍රජාව සඳහා සේවා සැපයීම කෙරෙහි මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි අවධානයක් යොමු කර තිබේ. 
ලීසිං, රන් ණය ස්ථාවර තැන්පතු සහ ළමා ඉතුරුම් ඇතුළු මූල්‍ය සේවා රැසක් මෙම නව ශාඛා ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත පිරිනමනු ලැබේ. මෙලෙස විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත සේවා සැලසීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපාර සහ පුද්ගලයන් අතර තිරසාර සංවර්ධනයක් ඇති කිරීම මෙම සමාගමේ පරමාර්ථයයි.
එමෙන්ම සාර්ථක නව්‍ය සේවා පිළිබඳ පුළුල් වාර්තාවක් සමඟ වඩාත් විශ්වසනීය, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් අඛණ්ඩව පිරිනැමීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම අපේක්ෂා කරයි. 
දිවයින පුරාම තම සේවා ජාලය සවිමත් කරමින් සිය සේවා තවදුරටත් පුළුල් කිරීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම බලාපොරොත්තු වෙයි.



අදහස් (0)

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 19 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1547 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1674 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site