භානුක අමරසිංහ
මේ වසරේ මැයි මාසයේදී සිදු කළ තේ අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 21.87ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ මැයි මාසයේදී සිදුකළ තේ කිලෝග්‍රෑම් මිලියන 19.45 හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 2.42ක ඉහළ යාමකි.
එහිදී මැයි මාසයේ තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු මිල රුපියල් 1,804.31ක් වන අතර, එය පසුගිය වසරේ මැයි මාසයේදී හිමි වුණු වටිනාකමට වඩා රුපියල් 32.07ක වැඩිවීමකි. එය ඩොලර් වටිනාකම් අනුව ඩොලර් ශත 12ක ඉහළ යාමකි.
වසරේ මුල් මාස පහ තුළ සිදු කෙරුණු තේ අපනයනය පිළිබඳව දත්ත විශ්ලේෂණය කරමින් Forbes & Walker පර්‌යේෂණ ආයතනය මේ බව සඳහන් කර සිටියි.
ඒ අනුව ජනවාරි සිට මැයි දක්වා වසරේ මුල් මාස පහක කාලයේදී සිදුකළ තේ අපනයනය තේ කිලෝග්‍රෑම් මිලියන 103.28ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී සිදුකළ තේ කිලෝග්‍රෑම් මිලියන 98.16ක අපනයනය හා සැසඳීමේදී කිලෝග්‍රෑම් මිලියන 5.12ක ඉහළ යෑමකි.
කෙසේ වෙතත් මෙම මාස පහක කාලය සඳහා තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමි වුණු වටිනාකමෙහි සාමාන්‍ය රුපියල් 1,756.46ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 මුල් මාස පහ තුළදී හිමි වුණු රුපියල් 1772.33ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් 15.87ක අඩුවීමකි. කෙසේ වෙතත් ඩොලර් වටිනාකම් අනුව මෙය ඩොලර් ශත 15ක ඉහළ යාමකි.
මෙහිදී 2025 පළමු මාස පහ තුළ මෙරටින් වැඩිම තේ ප්‍රමාණයක් අපනයනය කළ රට වන්නේ ඉරාකයයි.
එහිදී ඔවුන් තේ කිලෝග්‍රෑම් මිලියන 14.47ක් මිලදී ගෙන ඇති අතර, එය පසුගිය වසරේ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 12.29 හා සැසඳීමේදී සියයට 18ක වර්ධනයකි. එසේම ලිබියාව වෙත තේ කිලෝග්‍රෑම් මිලියන 9.42ක්ද, රුසියාව වෙත 9.12ක්ද අපනයනය කර ඇත. එහිදී රුසියාව වෙත සිදුකළ අපනයනය පෙර වසර හා සැසඳීමේදී සියයට 15කින් අඩුවී තිබේ.
මීට අමතරව එක්සත් අරාබි එමීරය වෙත කිලෝග්‍රෑම් මිලියන 7.20ක්, ඉරානය වෙත කිලෝග්‍රෑම් මිලියන 5.87ක් සහ තුර්කිය වෙත කිලෝග්‍රෑම් මිලියන 5.78ක් ලෙස වසරේ මුල් මාස පහේදී මෙරට තේ අපනයනය කර ඇත. චිලිය. චීනය සහ සෞදි අරාබිය වෙත සිදුකළ තේ අපනයනය පිළිවෙළින් කිලෝග්‍රෑම් මිලියන 4.74ක්, 4.22ක් සහ 3.56ක් ලෙස සටහන්ව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැයි මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 21.87ක්