අනෙක් වෙළෙඳපොළවල්වලට කරන අපනයන ඉහළ යාමෙන් පාඩුව මගහරවා ගෙන
එක්සත් රාජධානියට කරන ඇඟලුම් අපනයනයද මැයි මාසයේදී සියයයට 6.18 කින් පහළ ගිහින්
මැයි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 365.08 ක්
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඇමෙරිකාවට සිදුකරන ලද ඇඟලුම් අපනයනයන සියයට 7.59 කින් පහළ වැටුණත් අනෙක් වෙළෙඳපොළවල් සිදුකරන ඇඟලුම් අපනයන ඉහළ යාම හේතුවෙන් ඉන් සිදු පාඩුව මගහරවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය.
එක්සත් රාජධානියට සිදුකරන ඇඟලුම් අපනයනයද පසුගිය මැයි මාසයේදී සියයයට 6.18 කින් පහළ වැටුණු බව එම සංසදය පැවැසුවේය.
කෙසේ නමුත් පසුගිය මැයි මාසයේදී යුරෝපා සංගමයට සිදු කරන ඇඟලුම් අපනයනයන සියයට 5.15 කින් සහ අනෙකුත් වෙළෙඳපොළවල්වලට සිදු කරන ඇඟලුම් අපනයන සියයට 11.1 කින් ඉහළ ගොස් තිබෙන බවද එම සංසංදය ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණු බවත් මැයි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 365.08 ක් බවත්, එය සියයට 0.63 ක සුළු පහළ යාමක් බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පැවැසුවේය. විශේෂයෙන් නැගී එන වෙළෙඳපොළවල් තුළ සහ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ අපනයන වර්ධනය වීමෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දිරිමත් වී සිටින බවද පැවැසෙයි.
මෙම වසරේ පළමු මාස 5 තුළ ඇඟලුම් අපනයන සියයට 9.8 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.02 දක්වා වර්ධනය වී ඇත. එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයට සිදුකරන අපනයන මෙම වසරේ පළමු මාස 5 තුළදී සියයට 15.6 කින් වර්ධනය වී ඇති අතර සම්ප්‍රදායික නොවන වෙළෙඳපොළවල්වලට කරන අපනයන සියයට 13.12 කින් වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අපනයන ප්‍රගතිය පවත්වා ගෙන යාම සඳහා දිගුකාලීන තරඟකාරිත්වයට ඉඩ සලසන සහ ගෝලීය අභියෝග හමුවේ අපනයනකරුවන්ට ඉදිරියට යාමට සහාය වන ස්ථාවර මෙන්ම පුරෝකථනය කළ හැකි වෙළෙඳ ප්‍රතිපත්ති පරිසරයක අවශ්‍යතාව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි මාසයේ ඇමෙරිකාවට ඇඟලුම් අපනයනයන සියයට 7.59 කින් පහළ ගිහින්