භානුක අමරසිංහ
මේ වසරේ මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 55.5 ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2025 අප්‍රේල් මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වාර්තා වූ මන්දගාමී තත්වයෙන් මිදී යළි යථා තත්වයට පත්වීමක් පෙන්නුම් කරවීමක් බවද මහ බැංකුව සඳහන් කරයි.
එහිදී මැයි මාසයේදී සියලුම උප දර්ශක ඉහළ මට්ටමක පැවතී තිබේ. ඒ අනුව මැයි මාසයේදී රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ නිෂ්පාදන ඉහළ යෑම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක පිළිවෙළින් අප්‍රේල් මාසයේ සිට මැයි මාසය දක්වා 36.5 සිට 56.5 ක් ලෙස සහ 30.00 සිට 55.5 ක් දක්වා වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
එසේම තොග මිලදී ගැනුම් අප්‍රේල් මාසයේ පැවැති 41.0 මට්ටමේ සිට 50.00 ක් දක්වා කඩඉම් මට්ටමකට පත්ව තිබේ. මීට අමතරව රෙදිපිළි සහ ඇගලුම් අංශයේ නිෂ්පාදන හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකයත් අප්‍රේල් මාසයේ පැවැති 44.9 සිට 56.0 දක්වා ඉහළ නැග ඇත.
“ඉල්ලුමෙහි අපේක්ෂිත වර්ධනයත් සමග ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන කටයුතු සඳහා අපේක්ෂා ධනාත්මකව පවතී. එහෙත් විදුලි ගාස්තු ඉහළ යෑම සහ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්වය පිළිබඳව අවධානයට යොමු කළ යුතුව ඇත.” යනුවෙන් මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර සේවා අංශයෙහි ශ්‍රී ලංකා කළමනාකරුවන්ගේ දර්ශකය ද, සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් මැයි මාසයේදී 57.0 ක අගයක් වාර්තා කර තිබේ. එහිදී මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වී තිබේ. එසේම වෘත්තීය සේවා සහ තොග සහ සිල්ලර වෙළෙඳාම ද මැයි මාසයේදී වර්ධනය වී ඇත. කෙසේ වෙතත් සංචාරක පැමිණීම් පහත වැටීම නිසා නවාතැන් සහ ආහාර පාන සැපයීම සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් මැයි මාසයේ දී පහළ ගොස් තිබේ.
මෙහිදී මූල්‍ය සේවාවන්හි සිදු වූ වර්ධනයත් සමගින් 2025 මැයි මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ. එසේම සමාගම් කිහිපයක වාර්තා වූ සේවක විශ්‍රාම යෑම් සහ අස්වීම් හේතුවෙන් සේවා නියුක්තිය 44.0 දක්වා පහත වැටී ඇත. එසේම නිම කිරීමට ඇති කාර්යයන්ද මැයි මාසයේදී අඛණ්ඩව පහළ ගොස් තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්