IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


"මෙයිසු" ලංකාවේ වැඩ අරඹයි

චීනයේ දැවැන්ත ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන මෙයිසු ශ‍්‍රී ලංකාවේ අලෙවිය දැන් ආරම්භ කර තිබේ.  කොළඹ, කළුතර, ගම්පහ සහ මීගමුව යන ප‍්‍රදේශවල මෙයිසු දුරකථනයේ බේදාහැරීම් මේ වන විටද ආරම්භ කර ඇති අතර ඉතා නුදුරේදීම දිවයින පුරා ව්‍යාප්ත කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සැපයුම්කරුවෙකු වන සෙල්සිටි ලංකා සමාගම ලොව උසස්ම තාක්‍ෂණයෙන් හා කි‍්‍රයාකාරිත්වයෙන් යුත් මෙයිසු ස්මාර්ට් ෆෝන් ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතවට හඳුන්වා දීමට පියවර ගත්තේය. මෙහි සුවිශේෂත්වය වන්නේ ලෝහ නිමාව සහ එම් ටච් තාක්‍ෂණය ම`ගින් ඇඟිලි සලකුණ හඳුනාගෙන දුරකථනය සඳහා ආරක්‍ෂාව ලබාදීමයි.

2003 නිෂ්පාදනය ආරම්භ කළ මෙයිසු ජංගම දුරකතනය ලොව පුරා රටවල් 40ක ලක්ෂ 250 පමණ අලෙවි කර තිබේ. චීනයට ප‍්‍රථමවරට ස්මාර්ට් ෆෝන් දුරකථනය හඳුන්වාදීමට පුරෝගාමී වු මෙයිසු අද වන විට සමස්ත චීනය පුරා අලෙවි 10,000 කට අධික සංඛ්‍යාවක් දුරකථනය අලෙවි කරයි.

මෙයිසු ස්මාර්ට් ෆෝන් නිෂ්පාදන වර්ග තුනක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මේ ජංගම දුරකථනය සඳහාම භාවිතා කෙරෙන වැඩිදියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයේ ස්ථාවර හා වේගවත් භාවය අතින් සුවිශේෂ වේ.

Image-01 Image-02 Image-03



අදහස් (0)

"මෙයිසු" ලංකාවේ වැඩ අරඹයි

රන්ජිත් Monday, 11 July 2016 02:51 AM

මොකද දන්නෙ නැහැ මේ වැඩේ ඉන්දියවෙන් කරගන්න හිතුවේ නැත්තේ? (නි)

:       0       0

ලීල් ධර්මප්‍රිය Monday, 11 July 2016 02:47 AM

කරුණාකර හොඳ ඒවා පමණක් ගෙන්වන්න. මම චීනයේ මිතුරෙක් නිසා දන්නවා, එහේ ඉතා අනර්ඝ තත්වයේ ෆෝන් තිබෙනවා. අපේ ව්‍යාපාරිකයින් අඩු මුදලට බාල වර්ග ගන්නා නිසා මිනිස්සු හිතන්නේ චින ෆෝන් හොඳ නැහැ කියලා. ඔබගේ ව්‍යාපාරයට හොඳක්ම වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site