ශ්රී ලංකා ටෙලිකොම් සමාගම රජයේ සේවකයනට උපහාර ඉන්ටර්නෙට් සමාගම විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය ද සමග එක්ව උපහාර ඉන්ටර්නෙට් පැකේජය රජයේ සේවකයනට හඳුන්වා දෙයි. 2008 දී රජයේ සේවකයනට මෙබිටෙල් උපහාර පැකේජය දුන් මොබිටෙල් සමාගම තවත් පියවරක් ඉදිරියට යමින් රජයේ සේවකයන්ගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් දැනුම වැඩි කිරීමේ අරමුණින් මේ පැකේජය හඳුන්වා දෙයි. මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මෙම පැකේජය අරඹමින් පැවැසූයේ තම සමාගම හැම විටම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනයට රජයට සහාය දෙන බවයි. මෙම පැකේජය අනුව උපහාර පාරිභෝගිකයනට නොමිලයේ ඩොංගල් සපයයි. ආකර්ශනීය සේවාවකට හිමිකම් කියන පරිභෝගිකයන් රැසකට ගෙවිය යුත්තේ රුපියල් 299ක් පමණක් බව ද එම සමාගම කියයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
ගාණත් හොදයි ඔකක්ම හොදයි. ඒත් මොබිටෙල් 3ජී සිග්නල් නැතුව කොහොමද භාවිතා කරන්නේ. (ස)
ත්‍රීජී සිග්නල් ඕනේ. නැත්නම් වැඩක් වෙන එකක් නැහැ. ඔක්කම්පිටිය, මාලිගාවිල (ස)
තනමල්විල අපිටත් 3G පහසුකම දෙන්න (ස)
3ජී තාක්ෂණය නැත්නම් සාමාන්‍ය ජීපීආර්එස් ගාස්තු තමයි අයකරන්නේ. (නි)
බොහොම හොද වැඩක් කඩිනමින් සියලු දෙනාට ගැනීමට අවශ්‍ය කටයුත සලස්වන්න (ස)
මධ්‍යම රාත්‍රියෙන් පස්සේ කවුද අන්තර්ජාලයේ සැරිසරන්නේ? (නි)
මම කියන්නෙ කලාප පළලට අය කරන්න කියලා. (නි)
සමන්ගේ කතාව හරි. උපහාර සිම් එකටත් කතා කරනවට වඩා බිලක් ගෙවනවා. (ස)
මටත් තියෙනවා උපහාර පැකේජයක්, නමුත් මොනවද මෙහි තිබෙන පහසුකම් (ස)
උපහාර ගත්තට ඒකෙන් නියම ප්‍ර යෝජන ගන්න නම් 3G සිග්නල් තියෙන්න ඕන.. ඒක නැතිව හරියට අලියට කලින් හෙන්ඩුව දුන්නා වගේ නේද?(නු)
අන්තර්ජාල පරිහරණ වේගය තව ටිකක් වැඩි වුණා නම් ඉතාම හොදයි. (නි)
මේකත් බෝරු වැඩක් තමයි.කොහොම හරි සල්ලි ගන්න විදියක්නෙ. (ස)
පිටරට වලට වෙලා අමාරුවෙන් සල්ලි හම්බකරලා එවන අපිටත් මේ වගේ පැකේජ් එකක් දෙන්න පුලුවන් නම් හොදයි. (නි)
සෑම ප්‍රදේශයකටම 3G ආවරණය ලඟදීම ලබාදේවි. ඉවසන්න (ස)
ගොඩාක් ගණන්ද දන්නේ නැහැ නේද (දී)
තෙල්දෙණියටත් 3 G දෙන්න (ස)
රාඡාංගනයට 3ජී දෙන්න කියලා වසර 04ක සිට කිවුවා? 3ජී නැති අපට මොන උපහාරද? (නි)
වැදගත් දේවල් සමග සම්බන්ධ වෙනකොට මෙහෙම ප්‍රතිලාභ ලබන්න පුලුවන් තමයි. (නි)
රෑ 12 න් පස්සෙ වැඩිපුර උපහාර පුදන්නෙ ඇහැරගෙන ඉන්නවට වෙන්න ඇති. (නි)
ඔක්කම්පිටිය නගරයෙ මොබිටෙල් සිග්නල් අන්තිමයි. විදුලිය නැති වුණු ගමන් සිග්නලුත් නැහැ. අපිට කවදා 3ජී ලැබෙයිද දන්නෙ නැහැ. 3ජී නැතත් කමක් නැහැ, අඩුම තරමින් විදුලිය නැති වුණු ගමන් ජෙනරේටර් දාන්න හරියට වැඩපිළිවෙළක් හදන්න. (නි)
3GB දෙන්න (ස)
අනේ හොදයි. ඒත් පුලුවන් ඉක්මණට ඌරුබොක්කට 3ජී දෙන්න. (නි)
හොදයිනේ. අපිට කවදා ඉදලාද මේක ලබාගන්න පුලුවන්? (නි)
රෑටනේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ලැබෙන්නේ (ස)
මොබිටෙල් හොදයිද ? අනේ මන්දා (දී)
ගන්න ගියහම කීයක්වත් අයකරන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නියමයි කොහොමද ගණන් මිනුම් (දී)
අපි ඉන්‍න අලුත්ගම, වරාපිටියට 3ජී නැහැ. පුලුවන් නම් 3ජී වැඩිකරන්‍න. (නි)
රෑට වගේම දහවල් කාලයටත් ගිගා බයිට් 3 වත් දෙනවා නම් හොඳයි. (නි)
අපි නම් කැමති එටිසලාට් ඩොන්ගල් වලට. (නි)
යන්තම් අපි අමාරුවෙන් වැඩිකරගත්ත 750ට තට්ටු වෙයිද? (නි)
ගැටමාන්න - කඩවැද්දුව ටවර් වලට 3G නැතව ඩොන්ගල් වැඩක් නෑ (ස)
අපට එක ලොකු පහසුවක් (දී)
සන්තෝසයි (දී)
මේකට සල්ලි කැපෙන්නේ නැතුව ඇති නේද ආයේ (ස)
සමහර පැති වලට 3ජී නැතුව මේක ව්‍යාප්ත කිරීම සාර්ථක වේවිද? (නි)
ගොඩක් හොද පැකේජ් එකක්, ඒත් අපට 3G නෑ.............. (ස)
සන්තෝසයි....
ඇයි මේ හැමදෙයක්ම රජයේ සේවකයක්ට විතරක් දෙන්නේ? ලංකාවේ දුප්පත් ජනතාව ගැන කාටද කවදාද තේරෙන්න? බලමුකො ඉතිං ඒකෙත් හැටි. (නි)
අන්න හොදයි
"උපහාර" කියලා අන්තිමට අපේ සල්ලි වලට "උපහාර" කරන්න වෙයිද මන්දා? (නි)
අයවැයෙන් අන්තර්ජාල ගාස්තු වල බදු අඩු කිරීමේ වාසිය මිනිසුන්ට ලැබෙන්නේ කවදාද? (නි)
5 GB වත් දුන්නොත් හොදයි (ස)
මමත් ගන්නවා ඒකක් (දී)
ඔය ගොල්ල 3G ගැන කතා කරනවා රජයේ සේවකයෝ නිසා. අපට කවුද ඕව දෙන්න ඉන්නේ. (ස)
3G සිග්නල් වැඩි කලානම් තව නියමයි (ස)
හොඳ වැඩක්. සිග්නලුත් වැඩිකරලා දෙන්න. (නි)
මොකද්ද අනේ අපිට තියෙන වාසිය (දී)
පුලියන්කුලම් වලටත් 3ජී ලබාදෙන්න ඉක්මණට. (නි)
බොහොම ස්තූතියි.... හොදම එකක් දෙන්න... පාවිච්චි කරන්න පුළුවන්, සිග්නල් තියන, නෝ ලිමිට් බිල් නැති එකක් හොදේ.(ස)
හොදයි නේ
මටත් උපහාර පැකේජ් එකක් තියෙනවා. මොබිටෙල් ජාලය උපහාර පැකේජ් එකක් දීලා රාජ්‍ය සේවකයන්ට සළසපු සහනය ඉතාමත් අගය කරනවා. ඒත් හැම තිස්සෙම එක එක නොම්මර වලින් කෝල් කරලා මොබිටෙල් එකේ සේවාවන් ගැන දැනුවත් කරන එක මට නම් ඉතාමත් කරදරකාරී දෙයක්. (නි)
මීටපෙර උපහාර සමග දුන් මොබිටෙල් අන්තර්ජාල පැකේජ වලට මොකද වෙන්නේ එතකොට? (නි)
මෙ අය රජයේ සේවකයන් ඉලක්ක කළාට මේක එතරම් හොද දෙයක් නෙමෙයි..!(නු)
ගල්ගමුව, ඇහැටුවැව පැති වලට 3ජී දුන්නොත් අපිටත් මේ ප්‍රතිලාභය භුක්ති විදින්න පුලුවන්. (නි)
299 ය GB කීයක් නොමිලේ ලැබෙනවද දන්නේ නෑ (ස)
අනේ ඔයාලගේ 3G නැති අන්තර්ජාල පහසුකම මොකද්ද ?? (ස)
එන කෝල්ස් වලින් බේරිලා ඉන්නේ. බොහෝම අමාරුවෙන් වත ටැක් එකකුට ගෙවල් කතා කරන්න පිස්සුවක් එපා. (අ)
උපහාරෙන් කට්ටිය රෑට ඉන්ටනෙට් ගිහිල්ලා කන්තෝරු ඇවිත් නිදියයිද දන්නේ නැහැ.. මොකද මේ පැකේජය ගිගාබයිට් 5න් තුනක්ම පාවිච්චි කරන්න ඕන රෑට නිසා..!(නු)
ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි (ස)
මමත් ගත්තා මේ පැකේජය. හරිම ස්ලෝ. (නි)
3G සිග්නල් නැති එක තමයි ප්‍රශ්නේ . නැත්නම් ඔක්කොම හොඳයි (ස)
කො ඩොන්ගල්? කෝ සිග්නල් ? අයියෝ! අපේ මුදල්? (නි)
කාලයේ වෙනසක් නැතුව සමානව දුන්නා නම් තමයි හොද. (නි)
අනෙක් දුරකතන සමාගම් වලටද මෙවැනි දේ තම පාරිභෝගිකයින් හට දීමට සිත් පහළ වේවා! (නි)
ඉස්සර වෙලාම හැම පළාතකටම 3ජී පහසුකම ලබාදීල හිටියානම් ගොඩක් හොදයි නැතිනම් වැඩක් නැ(ස)
තිබෙන 3ජී පහසුකම හරියට ලබාගන්න ඇන්ටෙනා ක්‍රමයක් නැද්ද? (නි)
අපිට තියන අභිමාන වලට තියන 2 GB වැඩි උනානම් (ස)
ජයවේවා මිල ගණන් අඩු ඇති
වැඩෙ නම් නියමයි. ඒත්,දැරණියගල-පොල්ගස්වත්තේ මොබිටෙල් සිග්නල් කනුවක් තියනවා. ඒත් 3g නෑ 3g වත් නැතුව මොන උපහාරද? (නදී)
නොමිලේ ඩොන්ගල් දුන්නත් වීඩියෝ කෝල් ගන්න බැරි නම් වැඩක් නැහැ. හැමතැනටම 3ජී තිබුණා නම් තමයි හොද. (නි)
ඩොංගලය නොමිලේ ලැබෙන කතාව බොරුවක්.ඒකට රුපියල් 1000 ක් අයකරනවා (ස)
මාතර හිත්තටියට 3g සිග්නල් නැහැ... ඩොංගල් එකට 2g විතරයි.. 3gඉක්මනට ලබා දෙන්න..!(නු)
කිරම, රම්මල වරාපිටිය අපටත් මොබිටෙල් 3ජී සිග්නල් නැහැ. (නි)
4 වරක් මම මොබිටෙල් වලට රැවටුණා. මුදලුත් නාස්ති වුණා. ආයිත් නම් රැවටෙන්නෙ නැහැ. (නි)
මට තියෙන්නේ 1GB නොමිලේ පැකේජයක් , මම උපහාර ගන්නවනම් රු 2500 ආයේ ගෙවන්න ඕනෙලු. අසාධාරණයි නේ (ස)
ඔය ඔක්කොම නිකන් වචන විතරයි . කොහෙන්හරි ගාණක් කපාගනීවි (ස)
2008 හඳුන්වා දුන් උපහාර පැකේජය තවමත් ලබා දෙනවද ?? (ස)
පාවිච්චි කරලා බලමුකෝ
ජයවේවා මොබිටෙල්
අනුරාධපුර,ගල්කඩවල , දෙමටගල ට 3G දෙන්න. (ස)
රජයේ සේවකයින්ට නම් නියම පැකේජ් එක. පුද්ගලික අංශයේ අපට කිසිම උපහාරයක් එපා... මාසික ගාස්තුව 299 බදු එකතුවුනාම 450ක් වෙනවා. ඒ පැකේජ් එකේ ඉතිරි බයිට්ස් ගණන දැනගන්න පුළුවන්නම් රජයේ සේවකයින්ට යන්තම් ගොඩ ඒමක් තිබෙයි. නැත්නම් මාසයක් දෙකක් පාවිච්චි කරයි. (ස)
නියමයි ජයවේවා
සිග්නල් නැහැනේ. (නි)
ඉන්දික මහත්මයා, ලාංකීය දේ අවතක්සේරු කර තමන් හරිහම්බ කරන තුට්‍ටු දෙක අනුන්ට පුදන්න එපා. සියරට දේ සිරි සැප දේ (ස)
අපෝ.. මේ ඉන්ටනෙට් වේගෙට වඩා ගොලුබෙල්ලා හයියෙන් යනවා...අත්දැකීමෙන් කියන්නේ (ස)
අපේ කට්ටියනම් හොඳටම රැවටිලා වගේ (ස)