මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ අතර ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමිණි.
ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38 ය.
කොළඹ කොටස් වෙළෙඳපොළ 10.11% කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වසා දැමීමට සිදුවිය.
ඒ අනුව ඊයේ දිනයේදී, ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.392.3ක් ලෙස වාර්තා වු අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 179.20ක පහළ යෑමකි. ප්‍රතිශතයක් ලෙස 3.92% ක පහළ යෑමකි.
එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 196.93කින් පහළ ගිය අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 9.60ක පහළ යෑමකි. දිනයේ ගනුදෙනු අවසානයේදී එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1760.53ක් ලෙස දැක්විණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, එච්.එන්.බී. බැංකුව යන සමාගම් සියලු කොටස් මිල දර්ශකය එලෙස පහළ යෑමට වැඩි බලපෑමක් එල්ල කළේය.
ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.
මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.
055
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි
Ajith Monday, 11 May 2020 11:09 AM
චන්දෙට කලින් සල්ලි හොයන විදිය අපි දන්නවා කියලා කිව්වේ බියගම තියෙන අච්චු කන්තෝරුව ගැන වෙන්නැති.
BimalMonday, 11 May 2020 08:49 PM
ඔව් ඔව් අපිටත් මතකයි.
ashana Monday, 11 May 2020 11:14 AM
අයියෝ සිරිසේන...
සදීප Monday, 11 May 2020 11:44 AM
මෙවන් කාලයක කොටස් වෙලෙඳ පොල කඩා වැටීමත් සතුටක් නම් ජනතාව ලෙස අප සිටිනා තැන සිතාගත හැකියි.
Prasanna Monday, 11 May 2020 11:50 AM
කෝ වියත්මගේ ආර්ථික ඔස්තාර්ලා..
Buddhika P Monday, 11 May 2020 12:03 PM
මේ තත්වේ තනිකරම කොරෝනා නිසා නෙවෙයි. ලංකාවේ ජාතික ආදායම සමානයි මුළු අවුරුද්දේ ණය වාරිකේට. ණයට කන ගමන්, ණය වෙලා පරණ ණයත් ගෙවන්න වුනු මට්ටමට රට හිඟමනට දැම්මේ, තමන්ගෙ පවුල් දරු පරම්පරාවල් වල විතරක් අනාගතේ ගොඩ දාන්න හොර තක්කඩි දේශපාලකයෝ ගත්ත නීච උත්සාහේ නිසා.
Surin Monday, 11 May 2020 12:09 PM
සෞභාග්‍ය දැක්ම කියන්නේ ඕකට වෙන්න ඇති
Bindu Monday, 11 May 2020 03:14 PM
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.
RanjanMonday, 11 May 2020 08:59 PM
අනේ බින්දු... ඕක අදද දන්නේ...? කොහෙද ඉතින් ජේවීපී රැල පොතක් පත්තරයක් කියවන අය නෙමෙයිනේ... සිරිකොතේ ඉඳුල් කකා රෙදි අපුල්ලනවා ඇරෙන්න වෙන දන්න දෙයක් තියෙනවද? බින්දු දැන්වත් පොතක්, පත්තරයක් කියවන්න පටන් ගන්නවා... සිරිකොතේ ඉඳන් ඉඳුල් කකා ඉන්නේ නැතුව. මුලු ලෝකෙටම ඕක බලපාලා තියෙන විත්තිය දන්නේ නැත්තන් දන්න කෙනෙක්ගෙන් අහ ගන්න...
Nandalal DE SILVA Monday, 11 May 2020 05:40 PM
දැක්කද බයියන්ගලාගේ වැඩ? යහපාලන රජයට බැරිවුණා කියන වැඩ මෙ මහදැනමුත්තලා කරලා පෙන්නන හැටි දැන් පේනවා නේද? කෝ අර බන්දුල, විමලෙ, වාසු, උදය, රංචුව දැන් කොහෙද හැංගිලා ඉන්නේ....?
බණ්ඩා Monday, 11 May 2020 06:21 PM
කුමන තත්වයක් යටතේ නැවත කොටස් වෙළඳ පොළ ඇරියත් ගොටාබය රාජපක්ෂ යටතේ ඇති ආණ්ඩුවක් පවතින තුරුම කොටස් වෙළඳපොල නැවත නැවතත් කඩා වැටෙන බව රාජපක්සලා දැනගැනීම වැදගත්ය.. ධම්මික පෙරේරාලාගේ උවමනාවන් නිදහස් වෙළඳපොල උවමනාවන් නොවෙන බවත්, මිලිටරි කාරයන් දාගෙන සිවිල් ආණ්ඩු දුවන්න බැරි බවත් ඔවුන් දැනගත යුතුය.
WijebahuMonday, 11 May 2020 10:29 PM
නියම කොමෙන්ට් එක. සම්පූර්ණ ඇත්ත...
Ajantha Tuesday, 12 May 2020 10:02 AM
හොදයි හොදයි. පහුගියකාලේ ඉහළ ගිය හැටි නේද උන්නැහේ...?
රවිඳු Monday, 11 May 2020 09:16 PM
ගේමක් ගහලා කළු සල්ලි සුදුකර ගැනීමට ක්‍රමයක් තිබුනේම නැද්ද? "බැසිල් සමග රවී" තියරිය ක්‍රියාත්මක කරලා වැඩේ ගොඩ දා ගන්න බලන්න සෑර්..
Jay Tuesday, 12 May 2020 01:07 AM
කොටස් වෙළඳ පොළ ලෝකෙ පුරාම කොහොමත් කඩා වැටීම වෙලා තියෙන්නේ. මේක ලංකාවට විතරක් අදාල තත්වයක් නෙමෙයි...
Samitha Senaka Aluthgamage. Tuesday, 12 May 2020 01:35 AM
බොහෝ ආයතනවල ප්‍රධානියා මිලිටරි නායකයින්... රටක් පරිපාලනය හමුදා පරිපාලනයට වඩා වෙනස් දෙයක්... කරුමය කියන්නේ මේ ටික සමහරු දන්නේ නැහැ. මතකද අර පිටරට ඉඳන් ආපු දහස් ගණනක් මොනම නිරෝධායනයක් නැතිව කොලයකට අත්සන් කරවා ගෙදර යැව්ව හැටි... ඒ රංචුව තමයි කොරෝනා රට පුරා ඉල්ලුවේ. මේ පරිපාලකයින් එකම දෙයක් හරියට කරනවා.