මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ අතර ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමිණි.
ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38 ය.
කොළඹ කොටස් වෙළෙඳපොළ 10.11% කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වසා දැමීමට සිදුවිය.
ඒ අනුව ඊයේ දිනයේදී, ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.392.3ක් ලෙස වාර්තා වු අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 179.20ක පහළ යෑමකි. ප්‍රතිශතයක් ලෙස 3.92% ක පහළ යෑමකි.
එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 196.93කින් පහළ ගිය අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 9.60ක පහළ යෑමකි. දිනයේ ගනුදෙනු අවසානයේදී එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1760.53ක් ලෙස දැක්විණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, එච්.එන්.බී. බැංකුව යන සමාගම් සියලු කොටස් මිල දර්ශකය එලෙස පහළ යෑමට වැඩි බලපෑමක් එල්ල කළේය.
ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.
මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙට කලින් සල්ලි හොයන විදිය අපි දන්නවා කියලා කිව්වේ බියගම තියෙන අච්චු කන්තෝරුව ගැන වෙන්නැති.
අයියෝ සිරිසේන...
මෙවන් කාලයක කොටස් වෙලෙඳ පොල කඩා වැටීමත් සතුටක් නම් ජනතාව ලෙස අප සිටිනා තැන සිතාගත හැකියි.
කෝ වියත්මගේ ආර්ථික ඔස්තාර්ලා..
මේ තත්වේ තනිකරම කොරෝනා නිසා නෙවෙයි. ලංකාවේ ජාතික ආදායම සමානයි මුළු අවුරුද්දේ ණය වාරිකේට. ණයට කන ගමන්, ණය වෙලා පරණ ණයත් ගෙවන්න වුනු මට්ටමට රට හිඟමනට දැම්මේ, තමන්ගෙ පවුල් දරු පරම්පරාවල් වල විතරක් අනාගතේ ගොඩ දාන්න හොර තක්කඩි දේශපාලකයෝ ගත්ත නීච උත්සාහේ නිසා.
සෞභාග්‍ය දැක්ම කියන්නේ ඕකට වෙන්න ඇති
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.
දැක්කද බයියන්ගලාගේ වැඩ? යහපාලන රජයට බැරිවුණා කියන වැඩ මෙ මහදැනමුත්තලා කරලා පෙන්නන හැටි දැන් පේනවා නේද? කෝ අර බන්දුල, විමලෙ, වාසු, උදය, රංචුව දැන් කොහෙද හැංගිලා ඉන්නේ....?
කුමන තත්වයක් යටතේ නැවත කොටස් වෙළඳ පොළ ඇරියත් ගොටාබය රාජපක්ෂ යටතේ ඇති ආණ්ඩුවක් පවතින තුරුම කොටස් වෙළඳපොල නැවත නැවතත් කඩා වැටෙන බව රාජපක්සලා දැනගැනීම වැදගත්ය.. ධම්මික පෙරේරාලාගේ උවමනාවන් නිදහස් වෙළඳපොල උවමනාවන් නොවෙන බවත්, මිලිටරි කාරයන් දාගෙන සිවිල් ආණ්ඩු දුවන්න බැරි බවත් ඔවුන් දැනගත යුතුය.
ගේමක් ගහලා කළු සල්ලි සුදුකර ගැනීමට ක්‍රමයක් තිබුනේම නැද්ද? "බැසිල් සමග රවී" තියරිය ක්‍රියාත්මක කරලා වැඩේ ගොඩ දා ගන්න බලන්න සෑර්..
කොටස් වෙළඳ පොළ ලෝකෙ පුරාම කොහොමත් කඩා වැටීම වෙලා තියෙන්නේ. මේක ලංකාවට විතරක් අදාල තත්වයක් නෙමෙයි...
බොහෝ ආයතනවල ප්‍රධානියා මිලිටරි නායකයින්... රටක් පරිපාලනය හමුදා පරිපාලනයට වඩා වෙනස් දෙයක්... කරුමය කියන්නේ මේ ටික සමහරු දන්නේ නැහැ. මතකද අර පිටරට ඉඳන් ආපු දහස් ගණනක් මොනම නිරෝධායනයක් නැතිව කොලයකට අත්සන් කරවා ගෙදර යැව්ව හැටි... ඒ රංචුව තමයි කොරෝනා රට පුරා ඉල්ලුවේ. මේ පරිපාලකයින් එකම දෙයක් හරියට කරනවා.