IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මතුරට වැවිලි සමාගමෙන් තේ කර්මාන්තයට තල්ලුවක්

ලෝක වෙළඳපලේ තේ මිල පහත වැටීම හේතුවෙන් ඇතිවී ඇති අර්බුදයට පිළියම් යෙදීමට මතුරට වැවිලි සමාගම අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරි සුබාස් අබයවික්‍රම මහතා පවසයි.

මතුරට වැවිලි සමාගමට අයත් කබරගල වතුයායේ වෙල්ලකැලේ වත්තට අයත් අක්කර 125ක පදිංචි පවුල් 46ක් සදහා අක්කර 2 1/2 බැගින් බෙදා දි ඇති අතර එක් එක් පවුල් අතර බදු ගිවිසුමක් මත වසර 5ට ලබා දී එම කුඩා තේවතු පවුල් ඒකක මගින් නඩත්තු කොට එයින් නෙලන දළු පවතින වෙළදපලේ මිල ගණන් වලට වැවිලි සමාගම ලබා ගැනීම මෙම වැඩපිළිවෙළ බව ඒ මහතා පවසයි.

“රුසියාව ඇතුළු රටවල් අතර යුද තත්වයක් මතුවෙලා. මැදපෙරදිග තුළ දේශපාලන අර්බුද තත්වයත් අපේ රටේ තේ වලට බලපා තිබෙනවා. අපේ රටේ නිෂ්පාදිත තේ වලින් 70%ක් පෙර සදහන් කළ රටවලට විකුණන්නේ. ඔවුන්ගේ තේ මිලදි ගැනිමේ ප්‍රමාණය පහත වැටීම හේතුකොටගෙන අපේ රටේ තේ මිල පහළ බැහැලා. අපි සාම්ප්‍රදායික ක්‍රමයට කරගෙන මේ දිනපතා වේතන ගෙවන ක්‍රමය මත රැඳුනොත් අපේ තේ කර්මාන්තය කඩා වැටෙනවා. ඒක වළක්වාගන්න බැහැ. මේ වන විට අපේ රටේ වතු සමාගම් රුපියල් මිලියන 4400ක් පාඩු ලබලා. 1996 කම්කරු වැටුප දිනකට රුපියල් 83ක් වන විට තේ කිලෝවක මිල රු 93ක් වුණා. 2015 කම්කරු වැටුප රු700ක් වන විට තේ මිල රුපියල් 350යි. මේ ක්‍රියාවලිය තුළ තේ කිලෝවක් හදන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. තේ මිල පහත වැටි ඇති මෙවන් අවදියක එය තදට දැනෙනවා. වියදම් වැඩිවුණාම ආදායමත් වැඩි වන්නේ නැහැ. ඒ නිසා අපේ තේ කර්මාන්තයට අදාල පාර්ශවයන් එකතු කර ගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා කම්කරු ප්‍රජාවගේ කැමැත්ත මත අපේ සමාගමට අයත් කබරගල වත්තේ කොටසක් වු වෙල්ලකැලේ වත්ත මේ ආකාරයෙන් වත්තේ පවුල් 46ක් අතර අක්කර 2 ½ බැගින් බෙදාදුන්නේ ගිවිසුමක් මත‘

‘වෙල්ලකැලේ පවුල් 65ක් අතතරින් 46කට මේ වතු බදු දීම් කළේ වසර 5ට. ඊට පෙර සාම්ප්‍රදායක ක්‍රමයට ඔවුන්ට මාසයක් දින 25ක් වැඩ කරලා ඔවුන්ට ලබා ගතහැක්කේ රුපියල් 17187.50 ක් පමණයි. එහෙත් වතුකම්කරු ජනතාව වැඩිපුරම වැටුප ලෙස ලබාගත්තේ රු 10402.50ක් පමණයි. මේ ක්‍රමය යටතේ උත්සාහය හා මහන්සිය ඇත්නම් රුපියල් 50000ක මුදලක් මාසයකට ගත හැකි බව පෙනෙනවා.‘ යැයි ද සාමාන්‍යධිකාරිවරයා කීවේය.

devoloped-field-Conditions201510263---Copy Mathurata_201510266 Mathurata_201510266-2

 



අදහස් (0)

මතුරට වැවිලි සමාගමෙන් තේ කර්මාන්තයට තල්ලුවක්

ෂෙහාන් Wednesday, 28 October 2015 04:22 AM

යුද්දය තියෙන්නේ මැද පෙරදිග... රුසියාව ඒකට එකතු වුණාට රුසියාවේ යුද්දයක් නැහැ... පහුගිය කාලෙ අපේ තේ වැඩිපුරම ගත්තේ ඉරානය සහ රුසියාව... එත් දැන් ඒ අය ගන්නේ නැහැ අපේ නව විදේශ ප්‍රතිපත්තිය හින්ද... (ම)

:       0       0

කුමාර Wednesday, 28 October 2015 04:55 AM

අල්ලපු රටේ ඉන්දියාවට වැඩිය මේ ලංකාවේ බොහෝ දේ ගිනි ගණන්, මේකට හේතුව තමා කාලයක ඉඳල මේ රටේ තියෙන අල්ලස, දූෂණය නිසා බොහෝ භාණ්ඩවල මිල කෘත්‍රිමව වැඩිකර පාරිභෝගිකය හට අලෙවි කිරීම. එවිට, මේ නොයෙකුත් භාණ්ඩ මිලට ගන්න පාරිභෝගික ජනතාවට අවශ්‍ය වෙන කොට පඩි වැඩි කරන්න කියල උද්ගෝෂණ කරන්න වෙනවා, එතකොට තේ වතු පාඩු ලබන තත්වයට පත්වෙනවා. තවත් කාරණයක් තමා මේ වතු අශ්‍රිතව ඉන්න මහජන නියෝජිතයන් වසයෙන් වශයෙන් තේරී පත් වෙන අයත්, එහෙම වෙන්න ආශා කරන අයත් දුර දිග හිතන්නේ නැතුව වතු කම්කරුවන්ව දේශපාලන ඉත්තන් කරගෙන කරවන මෝඩ උද්ඝෝශන ව්‍යාපාරයන්. ඉස්සර නම්, ඒ කියන්නේ ඉංග්‍රීසින්ට මේ තේ වතු අයත් වෙලා පාලනය කරපු කාල වලදී කොහොම හරි පාඩු නොලබා ගෙනගියා. මේ තේ වත් ටික ජනසතු නොකර සියල තේ, රබර් වතු නියාමනය කරන්න සභාවක් පිහිටුවල එහෙම ඒ කාරණය කලානම් මේ වගේ අර්බුදකාරී තත්වයට තේ වතු පත්වෙන්නේ නැහැ. දැන් නම් බොහොම අමාරු තත්වයකට ඇවිත් වගේ. (ස)

:       0       0

සුරංග Tuesday, 27 October 2015 07:20 AM

ඉදිරියට යාමට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site