IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මෝටර් රථ කිහිපයක මිල ඉහළට

ටොයෝටා ප්‍රීමියෝ, ඇලියන් සහ හොන්ඩා වෙසල් මෝටර් රථවල මිල නොවැම්බර් 1 වැනිදා සිට ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති දිනේෂ් සේනානායක පවසයි.

ඒ අනුව එම රථ රුපියල් දෙලක්ෂ විසි දහසේ සිට ලක්ෂ හතර දක්වා වැඩිවී ඇති බවත් ඊට හේතුව ඒවායෙහි තීරු බදු වටිනාකම ඉහළ යාම බවද ඔහු කියයි.

ටොයෝටා ප්‍රීමියෝ මෝටර් රථයේ නව තීරු බද්ද රුපියල් 3,84,027ක් බව ද ඇලියන් රථයක් සඳහා 3,62570 ක තීරු බද්දක් ද හොන්ඩා වෙසල් රථයකට රුපියල් 2,20,222ක තීරු බද්දක් ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කරයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා සඳහන් කළේ වාහනයේ තක්සේරු වටිනාකම රේගුව විසින් ඉහළ දමා නැති බවත් එම වාහන නිෂ්පාදන ආයතන ඒවායේ පහසුකම් වැඩිකර 2017 නවීකරණය කළ වාහන සඳහා මිල වැඩි කර ඇති බවයි. ඒ අනුව ඒවායේ නව මිල එම ආයතනවල වෙබ් අඩවිවල සඳහන්ව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා රේගුව එම වාහනවල නව වටිනාකම් අනුව මෙම මිල වැඩිකිරීම සිදු කර ඇති බවත්ය.

මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් රජය පසුගියදා ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් මගින් මෙම මිල වැඩිවීම සිදුකළ බවත් කහඳව මහතා කියයි.



අදහස් (0)

මෝටර් රථ කිහිපයක මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site