මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී වැල්ලම්පිටිය වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නියුතු NEW STEP වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරිකයකුවන මොහොමඩ් ජෙමිල් මොහොමඩ් ඉල්මාට් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
ගිය වසරට සාපේක්ෂව ගත්තහම බිස්නස් සියයට පනහකින් පමණ අඩුවෙලා. වැල්ලම්පිටිය කියන්නේ වැඩිපුර මුස්ලිම් ජනතාව පදිංචිවෙලා ඉන්න ප්‍රදේශයක්. ඒ හේතුවත් එක්ක පසුගිය සිංහල අවුරුදු සීසන් එකේ සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් තිබුණේ නැහැ. පසුගිය හජ්ජි කාල සීමාවෙ වුණත් පාරිභෝගිකයෝ ඇවිත් භාණ්ඩ මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවෙලා තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මම වසර දෙකක කාලයක ඉඳන් වැල්ලම්පිටියේ බිස්නස් කරන්නේ. අපි තොග වශයෙන් පාවහන් අරගෙන ඇවිත් තමයි බිස්නස් එක කරගෙන යන්නේ. අපි බිස්නස් එක පටන්ගත්ත කාලේ පාරිභෝගිකයෝ උත්සව සමයක් එද්දී හරි උනන්දුවෙන් ඇවිත් පාවහන් මිලදී ගෙන ගියා. එහෙත් දැන් පාරිභෝගිකයෝ උනන්දුවෙන් ඇවිත් භාණ්ඩයක් මිලදී ගෙන යන්නේ නැහැ.
භාණ්ඩවල මිලේ ලොකු වෙනසක් වෙලා නැහැ. පසුගිය කාල සීමාවේ පැවති මිල ගණන් යටතේම තමයි පාවහන් මිල ගණන් තිබෙන්නේ. පාරිභෝගිකයන්ගේ අතමිට සරු නොවීම තමයි මේ බිස්නස් අඩුවීමට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ. වෙළෙඳපොළ තුළ පාවහන් මිලදී ගැනීමට විවිධ අවස්ථා තිබීම තවත් පසකින් බිස්නස් අඩුවීමට බලපා තිබෙනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූපය - සුමුදු හේවාපතිරණ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
භාණ්ඩ මිලදී ගන්න දක්වන උනන්දුව අඩුවෙලා