
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේදී අප ගොඩවැදුණේ දෙහිවල වෙළෙඳ නගරයේ ළමා ඇඳුම්, සෙල්ලම් භාණ්ඩ සහ පාසල් උපකරණ වෙළෙඳසලක් වන ඕසම් කිඩ්ස් වෙළෙඳ ආයතනය වෙතය. එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරිකයකු වන බාලසුබ්‍රමනියම් මනෝගන් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. සීසන් එකත් එක්ක බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ. ගිය මාසේ තිබුණු මට්ටමට නෙමෙයි මේ මාසේ තියෙන්නේ. බිස්නස් එක අඩු වැඩි වෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තාම මේ පාර සැලකිය යුතු මට්ටමකට බිස්නස් තිබුණා.
Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි භාණ්ඩ ලංකාවේ වෙළෙඳපොළෙන් තොග වශයෙන් අරගෙන ඇවිත් තමයි බිස්නස් කරන්නේ.
භාණ්ඩවල මිල ගණන්වල වැඩිවීමක් වෙලා නැහැ. පසුගිය මිල ගණන් යටතේ තමයි තවමත් පවතින්නේ. සමහර භාණ්ඩවල පසුගිය වසරවලට සාපේක්ෂව මිල අඩුවෙලා තියෙන්නේ. භාණ්වල මිල අඩු වුණත් භාණ්ඩ මිලදී ගන්න එන පාරිභෝගිකයන් අඩුවෙලා තියෙන්නේ.
ඒ වගේම පාරිභෝගිකයන්ට අවස්ථා තියෙනවා විවිධ තැන්වලට ගිහින් භාණ්ඩ මිලදී ගන්න. ඒ වගේම පාරිභෝගිකයෝ සැමවිටම උත්සාහ කරන්නේ භාණ්ඩයක් අඩුම මිලකට මිලදී ගන්න. සමහර අවස්ථාවල වෙළෙඳසල වෙත එන පාරිභෝගිකයෝ භාණ්ඩ අතට ගන්නේ එහි සඳහන් කරලා තිබෙන මුදල කීයද කියලා බලලා. ඒ කියන්නේ කුඩා ළමයෙක් සඳහා සෙල්ලම් බඩුවක් ගන්න එන කෙනෙක් අපි ළඟ තියෙන සියලුම සෙල්ලම් බඩු අරගෙන බලලා ඒ මිල තමාට දරාගන්න පුළුවන් නම් මිලදී ගන්නවා. ඇතැම් අය මං ඇවිත් ගන්නම් කියලා ඒ අවස්ථාව මගහැරලා යනවා. පාරිභෝගිකයාගේ අතේ මුදල් සංසරණය නොවීම මීට හේතුවක් විදිහට කියන්න පුළුවන්.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ