ලෝකයේ තියෙන වටිනාම ලෝහ අතරින් එකක් ලෙස රත්තරන් හදුනාගත හැකිය. එමෙන්ම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම පවතින ලෝහයක් ලෙසත් රත්තරන් හඳුනාගත හැකිය.
ඒ නිසාම කොයි තරම් මිල ඉහළ ගියත් රත්තරන්වලට තියෙන ඉල්ලුමනම් ලේසියෙන් අඩුවෙනවා දකින්න ලැබෙන්නෙ නැහැ. රත්තරන් වෙළෙදාමේ වත්මන් ස්වරූපය දැන ගැනීමට අප ගොඩ වූයේ දෙමටගොඩ අක්ෂයා ජුවලරි වෙතයි.
එහි හිමිකරු වූ වීරයියා ලෝගරත්න මහතා මේ දිනවල බිස්නස් පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසය.
![]() |
![]() |
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 30 වගේ ඉදන් බිස්නස් කරන්නේ. මේ දවස්වල බිස්නස් ගැන කියනවානම් බිස්නස් හොදටම අඩුයි. ගිය අවුරුද්දේ මේ අවුරුද්දට වඩා බිස්නස් තිබ්බා.
කලින් අවුරුදු වල මැයි, ජුනි වගේ මංගල උත්සව වැඩි මාසවල කඩේ පිරෙන්න පාරිභෝගිකයෝ ඉන්නවා.
දැන් ඔයාලට වුණත් පේනවනේ කවුරුත්ම එන්නෙ නෑ. දවසට එක්කෙනෙක්වත් එන්නෙ නැති දවස් තියනවා.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි මිනිස්සු ළග සල්ලි නෑ. මේ දවස්වල තියන ආර්ථික තත්වෙත් එක්ක මිනිස්සුන්ගේ ජීවන වියදම වැඩියි. මිනිසුන්ට කන්න බොන්නත් ලොකු වියදමක් යනවා.
රත්තරන් කියන්නේ අමතර වියදමක් නිසා කොහොමත් රත්තරන් මිලදී ගන්නවා අඩුයි. මොකද ජීවත් වෙන්න නම් කන බොන දේට මුල් තැන දෙන්න ඕනනේ.
ඒ මූලික වියදම් වලට අමතරව තමයි කවුරුහරි රත්තරන් මිලදී ගන්නේ.
අනිත් හේතුව තමයි රත්තරන් වල අධික මිල. කැරට් 22 රත්තරන් පවුමක් හැදුම් කුලියත් එක්ක රුපියල් 265000 ක් වෙනවා.
මෙච්චර ගාණක් දීලා රත්තරන් මිලදී ගන්න මිනිස්සුන්ට වත්කමක් නෑ. ඉස්සර පවුම් එකක එක හමාරක වගේ තමයි කර මාලයක් හදන්නේ. දැන් පාරිභෝගිකයෝ පවුම් භාගෙටත් කර මාල ඉල්ලනවා.
අපි වගේ පොඩි වෙළෙදසැල් වලට බිස්නස් අඩු වුණාට ලොකු වෙළෙඳසැල්වලට නම් බිස්නස් අඩුවක් නෑ. නමගිය රත්තරන් වෙළෙඳසැල්වලට කවදත් බිස්නස් අඩුවක් නැතිව තියනවා. ඔය හේතු නිසා තමයි අපිට බිස්නස් අඩු වෙන්නේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප - සුමුදු හේවාපතිරණ
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිස්නස් හොඳටම අඩුයි - දෙමටගොඩ අක්ෂයා ජුවලරි හිමිකරු ලෝගරත්න