
කොලොන්නාව අංජු ෆැෂන්හි අලෙවිකරු
කේ. බී. ශෙහාන්
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අප පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, බොරැල්ල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ කොලොන්නාව නගරය වෙතය. කොලොන්නාව නගර මධ්‍යයේ පිහිටි ඇඳුම් අලෙවිසැලක් වූ අංජු ෆැෂන් වෙත අපි ගොඩ වූයෙමු. එහි අලෙවිකරුවකු වූ කේ. බී ශෙහාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මේ වෙෙළඳසැල ආරම්භ කරලා දැනට මාස 7 ක් වගේ පොඩි කාලයක් වෙන්නේ. සේවකයෝ 5 ක් ඉන්නවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් සාමාන්‍ය විදියට තියනවා. සිංහල අවුරුද්දට බිස්නස් තිබ්බා. අවුරුද්දෙන් පස්සේ අඩු වුණා. ආයෙත් හජ්ජි උත්සවයට බිස්නස් ටිකක් තිබ්බා.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න හේතු කීපයක්ම බලපානවා. එකක් තමයි මිනිසුන්ට සල්ලි නෑ. අවුරුදු කාලේ එහෙම වියදම් වැඩි නිසා මේ වෙද්දි මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්නවා ඇරෙන්න රෙදිපිළි වගේ දේවල් වලට වියදම් කරන්නේ නෑ. අනිත් හේතුව තමයි රෙදි මිල වැඩිවීමත් බිස්නස් අඩු වෙන්න බලපානවා. තවත් හේතුවක් තමයි නමගිය ලොකු ලොකු රෙදි කඩවල් නිසා මේ වගේ වෙළෙඳසල් වලට බිස්නස් අඩු වෙනවා. ගොඩක් පාරිභෝගිකයෝ නමගිය කඩවල් වලට තමයි යන්නේ. ඕක තමයි අද බිස්නස්වල තත්වය. කාෙලන් කාලේට බිස්නස් අඩු වෙනවා වැඩි වෙනවා ඒක සාමාන්‍යයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප
සුමුදු හේවාපතිරණ
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් සාමාන්‍ය විදියට තිෙයනවා