මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල ආදී ප්‍රදේශ වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල නගරය වෙතය. බොරැල්ල නගර මධ්‍යයේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසැලක් වූ Mister Mobile වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ මොහොමඩ් මුන්සිෆ් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
අපි ළඟ ජංගම දුරකථන උපාංග තමයි තියෙන්නේ. අපි ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ කටයුතුත් කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් සාමන්‍ය විදියට කෙරීගෙන යනවා. එහෙත් සමස්තයක් ලෙස ගිය වසර එක්ක සසදද්දි ඊට සාපේක්ෂව නම් බිස්නස් ගොඩක් අඩුයි.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
මේ අවුරුද්දේ බිස්නස් අඩුයි කියලා මම කියන්න හේතුව තමයි ගිය අවුරුද්දේ මම වෙළෙඳසැල් හතරක් පවත්වාගෙන ගියා. එහෙත් මේ අවුරුද්ද වෙද්දි මට එක කඩයයි තියෙන්නේ. කඩ හතරෙන් තුනක්ම අයින් කරන්න හේතු වුණේ බිස්නස් අඩුකම. ඒ තරමටම මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. බිස්නස් අඩු නිසා කඩ කුලී ගෙවලා සේවක වැටුප් ගෙවලා කඩ හතරක් පවත්වාගෙන යන්න අමාරුයි. ලාබයක් ගන්න බෑ. ඒ නිසා තමයි ඒ කඩ වහලා දැම්මේ.
අනික විශාල බදු මුදලකුත් ගෙවන්න සිද්ද වුණා. ලැබෙන ආදායමෙන් ඒ හැම වියදමක්ම දරන්න අමාරුයි. අනික ගිය අවුරුද්දේ මම කෝටි ගාණක ෆෝන් ගෙනැල්ලා විකුණුවා. මේ අවුරුද්දේ ෆෝන් බිස්නස් කරන්නේ නෑ. ෆෝන්වලට ඕන අමතර උපාංග විතරයි විකුණන්නේ. ලොකු ගාණක් යටකරලා ෆෝන් ගේන්න බෑ බිස්නස් අඩු නිසා. ඒ තරම්ම අමාරුයි බිස්නස් කරන්න. ඇත්තටම මිනිස්සු ළග සල්ලි නැතිකම තමයි බිස්නස් කරන කාගේත් බිස්නස් අඩු වෙන්න හේතුව.
ශෂිකා අබේරත්න
ඡායාරූප- ඉසුරු පෙරේරා
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් නම් ගොඩක් අඩුයි