IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස් නම් ගොඩක් අඩුයි


මේ දිනවල බිස්නස් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි නාවල බලා ගියෙමු. නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැලක් වු නිව් ටොප් සෙරමික් වෙත අපි ගොඩ වූයෙමු. එහිදී අලෙවිකරුවකු වූ ජී ස්ටැන්ලි මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

මිනිස්සු ළග හැමදේටම හොඳට වියදම් කරන්න සල්ලි නෑ. මිනිස්සුන්ට තම එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කරනවා ඇරෙන්න අමතර ඉදිකිරීම් වැඩ කටයුතු කරන්නේ හරිම අඩුවෙන්. ඒකත් අපිට බිස්නස් අඩු වෙන්න හේතුවක්. 

නිව් ටොප් සෙරමික්හි 
අලෙවිකරු 
ජී. ස්ටැන්ලි

Q: මේ දිනවල බිස්නස් කොහොමද?

බිස්නස් නම් අඩුයි. කවුරුත් කියනවනේ අවුරුදු සීසන් එකේ බිස්නස් හොඳයි කියලා. ඒවුණාට මෙදාපාර අවුරුදු සීසන් එකෙත් බිස්නස් අඩුයි. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බිස්නස් එකකට එකක් අඩුයි. අවුරුද්දෙන් පස්සේ බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක්ම අඩුයි. ඇත්තෙම නැති තරම්. 
Q:බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?   
මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15 ක් වගේ වෙනවා. ඒත් මෙහෙම බිස්නස් අඩු කාලයක් එන්නේ කලාතුරකින්. අවුරුදු සීසන් එකෙත් බිස්නස් තිබ්බේ නෑ කියන්නේ මේ දවස්වල බිස්නස් අඩු වෙන එක සාධාරණයි. 

බිස්නස් අඩු වෙන්න බලපාන හේතු මොනවද කියලත් හරියට කියන්න බෑ. එක හේතුවක් තමයි බඩු මිල වැඩි වීම. අපි ළඟ තිබෙන නාන කාමර උපාංග, ටයිල් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය කියන්නේ අඩු මුදලට මිලදී ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ බඩුවල මිල ගණන් වැඩියි. ඒකත් හේතුවක් බිස්නස් අඩු වෙන්න. අනිත් දේ තමයි මිනිස්සුන්ගේ ආර්ථික තත්වය. මිනිස්සු ළග හැමදේටම හොඳට වියදම් කරන්න සල්ලි නෑ. මිනිස්සුන්ට තම එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කරනවා ඇරෙන්න අමතර ඉදිකිරීම් වැඩ කටයුතු කරන්නේ හරිම අඩුවෙන්. ඒකත් අපිට බිස්නස් අඩු වෙන්න හේතුවක්.  

තව හේතුවක් තමයි දැන් හැමතැනම නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැල්. නාවල වුණත් මෙම අලෙවිසැල් කීයක්නම් ති​ෙයනවද. ඒ නිසාත් බිස්නස් එක අඩු වෙනවා. පාරිභෝගිකයෝ හැම කඩේකින්ම ගණන් අහලා අඩුම තැනින් තමයි බඩු ගන්නේ. ඔය වගේ හේතු නිසා බිස්නස් අඩුයි.

ශෂිකා අබේරත්න


ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

බිස්නස් නම් ගොඩක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site