
බත්තරමුල්ල ZENO Mobile වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික හෂේන් සංජය
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට බත්තරමුල්ල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපංග වෙළෙඳසලක් වන ZENO Mobile වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී ව්‍යාපාරික හෂේන් සංජය මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ කාලසීමාවේ බිස්නස් ගැන කිව්වොත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. සමහර දවස්වලට වෙළෙඳසල විවෘත කරපු වෙලාවේ ඉඳන් හවස් වෙනකන් බිස්නස් තියෙන දවසුත් බිස්නස් අඩු දවසුත් තියෙනවා.
Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි පිටකොටුවෙන් තමයි ව්‍යාපාරයට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගන්නේ. අපේ වෙළෙඳ ආයතනයෙන් ජංගම දුරකථන, දුරකථන උපාංග සහ ඉලෙක්ට්‍රොනික් උපාංග මිලදී ගන්න පුළුවන්. ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් අපි භාණ්ඩවල මිල සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් සිදු කළා. ඒ කාලසීමාවේ මිල ගණන් එක්ක සැසඳුවාම අද වෙද්දී යම් මට්ටමකට මිල ගණන් අඩුවෙලා තියෙනවා. අපි ඉදිරියේ දී පාරිභෝගිකයාට පහසු වන පරිදි යම් කොටස් වශයෙන් උපාංග මිලදී ගන්න අවස්ථාව සලසා දෙන්න බලාපොරොත්තු වෙනවා.
අපි හඳුනාගත් විදිහට පාරිභෝගිකයා අතේ අමතර භාණ්ඩයක් මිලදී ගන්න මුදල් නොමැතිකම තමයි බිස්නස් අඩුවෙන්න ප්‍රධානවම බලපා තියෙන්නේ. අද වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න මුදල් යෙදෙව්වම අමතර භාණ්ඩයක් මිලදී ගන්න පාරිභෝගිකයාට හැකියාවක් නැහැ. ඇතැම් පාරිභෝගිකයෝ වෙළෙඳසලට ඇවිත් මිල ගණන් අහලා හැරිලා යන අවස්ථා තියෙනවා. පාරිභෝගිකයෙක් උපාංගයක් ගන්න කලින් අවම වශයෙන් වෙළෙඳසල් පහ හයකට ගිහින් මිල සොයා බලනවා. පාරිභෝගිකයෝ අපේ වෙළෙඳසලේ උපාංගවල මිල සහ අනෙක් වෙළෙඳසල්වල මිලත් සංසන්දනය කරලා උපාංගයක් මිලදී ගන්න යොමු වෙන්නේ. එතකොට පාරිභෝගිකයෝ ඔය කියන වෙළෙඳසල් පහ හයටම ගිහින් මිල අඩුම තැනින් තමයි භාණ්ඩය මිලදී ගන්නේ. එයත් බිස්නස් යම් මට්ටමකින් පහත වැටීමට බලපා තියෙනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමකට