IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බිස්නස් තියෙන්නේ යම් සාධනීය තත්වයක

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, බොරැල්ල, කොලොන්නාව, වැල්‍ලම්පිටිය ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ දෙමටගොඩ පලතුරු වෙළෙඳසලක් වෙතය.
එය කුමාර වික්‍රමගේ මහතාගේ කුමාර පලතුරු වෙළෙඳසලය. ඔහු මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.



Q: මේ දිනවල බිස්නස් කොහොමද?
පලතුරු බිස්නස් දවසින් දවස වෙනස් වෙනවා. අඩු වෙනවා, වැඩි වෙනවා. ඒක සාමාන්‍යයි. 
මේ දවස්වල බිස්නස් යම් සාධනීය තත්වයක තියෙනවා. එහෙත් හෙට වෙද්දි බිස්නස් අඩු වෙයිද කියන්න බෑ. 


Q: බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
මේ දිනවල බිස්නස් වැඩි වෙන්න බලපාන හේතුව තමයි පලතුරු මිල ගණන් අඩුවෙලා තියෙන්නේ. කෙසෙල් ගස්ලබු එහෙම මිල අඩුයි. එහෙත් නැවත පලතුරු මිල ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. මිලත් එක්ක තමයි බිස්නස් අඩු වැඩි වෙන්නේ. මම මේ බිස්නස් එක පටන් අරන් දැන් අවුරුදු 25 ක් වෙනවා. කලින් මම ලොකුවටම පලතුරු බිස්නස් කරපු කෙනෙක්. එහෙත් කොරෝනා වසංගතය එක්ක බිස්නස් කඩන් වැටුණා. 
කලින් මගේ ළඟ සේවකයෝ පිරිසක් වැඩ කළා. කොරෝනාවලින් පස්සේ සේවකයන්ට පඩි ගෙවල බිස්නස් කරලා ලාබයක් නැති නිසා සේවකයෝ අඩු කළා. දැන් මම තනියම මේ බිස්නස් එක කරන්නේ. කලින් පලතුරු ගෙනාවෙත් ඇඹිලිපිටියේ ගිහින්. ගිහින් ගත්තාම හොඳ පලතුරු තෝරලා අඩු මිල ගණන්වලට ගන්න පුළුවන්. එහෙත් දැන් ගිහින් ගේන්න වියදම් වැඩි නිසා ගම්වලින් කොළඹට ගේන පලතුරු තමයි මිලදී ගන්නේ. එතකොට නැවුම් පලතුරු මිලදී ගන්න ලැබෙන්නේ අඩුවෙන්. මිල ගණනුත් වැඩියි. එහෙත් අපිට වෙන ක්‍රමයක් නෑ පලතුරු මිලදී ගන්න. 

ශෂිකා අබේරත්න
ඡායාරූප - සුමුදු හේවාපතිරණ



අදහස් (0)

බිස්නස් තියෙන්නේ යම් සාධනීය තත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 670 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17764 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site