IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බිස්නස් තිබුණේ සාමාන්‍ය මට්ටමක


නව වසරක ආරම්භත් සමඟ නව ඇඳුමක් මිලදී ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. කලක පටන් බොහෝ පාරිභෝගිකයෝ පිටකොටුවෙන් රෙදිපිළි මිලදී ගැනීමට උත්සහ කළ ද අදවන විට එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, මහරගම, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘත වීමත් සමඟ ය. 

ඉන්ධන මිලේ යම් අඩුවීමක් පවතින නිසා රෙදි මිලේ අඩුවක් දක්නට ලැබෙනවා. ඉදිරියේ දී බිස්නස්වල වර්ධනයක් බලාගන්න පුළුවන් වේවි.


නුගේගොඩ සව්සිරි වෙළෙඳ ආයතනයේ හිමිකරු 
කේ. එල්. හසන්ත


 

අවුරුදු සමයේ බිස්නස්වල තත්වය කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී නුගේගොඩ සව්සිරි වෙළෙඳ ආයතනයේ හිමිකරුවන කේ.එල්. හසන්ත මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?

මම වසර 50ක කාලයක ඉඳන් තමයි මේ බිස්නස් එක පවත්වා ගෙන යන්නේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ පාර බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තිබුණේ. ඉදිරියේ දී බිස්නස්වල වර්ධනයක් වෙයි කියන ලකුණු පෙනෙන්නට තියෙනවා.

Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

අපි රෙදිපිළි බිස්නස් තමයි කරන්නේ. මේ වෙද්දී අපේ බිස්නස් එක ශාඛා මට්ටමින් කරගෙන යනවා. වෙළෙඳ සහයකයන් සහභාගී කරගනිමින් තමයි අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක සෑම භාණ්ඩයක මිල ඉහළ ගියා වගේම ප්‍රවාහන ගාස්තු වැඩිවීමත් එකක් රෙදිපිළිවල මිල වැඩි වුණා.

මේ වෙද්දී ඉන්ධන මිලේ යම් අඩුවීමක් පවතින නිසා රෙදි මිලේ අඩුවක් දක්නට ලැබෙනවා. ඉදිරියේ දී බිස්නස්වල වර්ධනයක් බලාගන්න පුළුවන් වේවි.

ඒ වගේම රෙදිවල මිලේ අඩුවක් පැවතුණත් අවුරුදු කාල සීමාවේ මිලදී ගන්න එන පාරිභෝගිකයන්ගේ අඩුවක් තිබුණා. පාරිභෝගිකයෝ සිය මූලික අවශ්‍යතාවලට මුදල් යෙදවීමෙන් පසුව මෙවැනි මිලදී ගැනීමකට තිබෙන අපහසුතාව බිස්නස් අඩුවීමට හේතුවක් කියලා මම හිතනවා. 

මනීෂා වීරසිංහ


ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

බිස්නස් තිබුණේ සාමාන්‍ය මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 299 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site