මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී
ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ පිළියන්දල එළවළු සහ පලතුරු වෙළෙඳසලක් වූ දිමුතු සුපර් වෙතය. එහි හිමිකරු වූ ජී.ඒ. මන්දික මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස්වල තත්වයේ වරදක් නෑ. සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. පාරිභෝගිකයන්ගේ පැමිණීමත් හොඳයි. අවුරුද්ද පුරාවටම එක වගේ බිස්නස් තියනවා. කොහොමත් අපේ බිස්නස්වලට සීසන් එක්ක නෑනේ.
Q වෙෙළඳාම හොඳවීමට බලපෑ හේතු මොනවාද?
මම මේ බිස්නස් එක කරන්නේ දැනට අවුරුදු 17 ක ඉඳන්. සේවකයොත් 5 දෙනෙක් වැඩ කරනව. බිස්නස් හැමදාම හොඳට තියෙන්න හේතුවක් තමයි අපි අවංකව මේ බිස්නස් එක කරන්නේ. ඕනෑම බිස්නස් එකක් අවංකව කරනවා නම් කාටත් හොඳට බිස්නස් කරන්න පුළුවන්.
අපි විකුණන්නේ එළවළු පලතුරු නිසා තැලුනු නරක් වුණ ඒවා අපි පාරිභෝගිකයන්ට දෙන්නේ නෑ. අපි කොරටුවලට ගිහිල්ලමයි අරන් එන්නේ. අනික අපි පලතුරු ඉදවන්න බෙහෙත් ගහන්නේ නෑ. දුම් ගහලා තමයි ඉදවන්නේ. ඒ නිසා හොඳ නැවුම් පලතුරු පරීභෝගිකයන්ට ලබා දෙන්න අපට පුළුවන්. අපි ළඟ තියෙන්නේ හොඳ එළවළු පලතුරු කියලා දන්න පාරිභෝගිකයෝ හැමදාම අපි ළඟට එනවා. අපි පාරිභෝගිකයන්ට වංචා කරන්නේ නෑ. සාධාරණ මුදලට හොඳම දේ තමයි දෙන්නේ. ඒ නිසා තමයි බිස්නස් හොඳට තියෙන්නේ.
ශෂිකා අබේරත්න
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බිස්නස්වල වරදක් නෑ