IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිස්නස්වල කඩා වැටීමක් නම් නැහැ

සුදෝ සුදු පැහැ ඉද්ද මල් පොහොට්ටු එක ගොනුවකට ගොතා තිබෙන විට එය ඉතා අපූරුය. හීන් නූලක ඇමිණු පිච්ච මල්වලින් විහික්‍ෂෙන සුවඳ සිත සනසයි. දාස්පෙතියා මලින් ගෙතෙන මල්මාල සියල්ල හැඩවන්නේ පිරිමි දෑත්වලිනි. ඔවුහු ඒ සියුම් කාර්යයේ දක්ෂයෝ ය. ඈත ප්‍රදේශවල ගෙවත්තෙහි පිපී අතින් අත ගැටී කොළඹ අවට සිද්ධස්ථාන අසල මල් කඩවල එක පෙළට එල්ලී සිටින මේ මල් මාලා අහිංසක මිනිසුන් රැසකට ජීවිකාවක් සපයයි. සැබැවින්ම ගසක පිපී ඒ මල ගසේ පාමුලම පරවීයනවාට වඩා වතුසුදු, ඉද්ද, පිච්ච සහ දාස්පෙතියා අරලිය ආදි මල්වලට මෙවැනි සැරසිලි නිසා අවස්ථාවක් ලැබී තිබේ.
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට දෙමටගොඩ වෙළෙඳනගරයට  ගිය ගමනේ දී ප්‍රථම වරට ස්වභාවික මල්මාලා අලෙවිසැලක් වන අම්මාන් ට්‍රේඩර්ස් වෙළෙඳ ආයතනය වෙත ගොඩවැදුනෙමු. ඒ ගිය ගමනේ දී  එහි ව්‍යාපාරික දිනේෂ් කුමාර් මහතා බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දවස්වල නම් බිස්නස් අඩුයි. අපේ බිස්නස්වල අඩුවීමට මල්මාලා නිර්මාණයට අවශ්‍ය  මල් ලබාගැනීමට නොමැතිවීම සහ වැස්ස කියන දේ බලපානවා. මේ තත්වය තමයි මේ දිනවල බිස්නස් අඩුවෙන්න බලපා තියෙන්නේ. ඒ හැරෙන්න බිස්නස්වල අඩුවීමක් වෙලා නැහැ.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
වසර එකොළහක කාලයක ඉඳන් පවුලේ ව්‍යාපරයක් විදිහට තාත්තයි මමයි එකතුවෙලා අපි මේ බිස්නස් එක කරගෙන යන්නේ. මල් මාලා නිර්මාණය කිරීමට අවශ්‍ය මල් ගේන්නේ පුත්තලමෙන්. එහෙම අරගෙන එන මල් එකට එකතු කරලා නිමාවෙන් යුතු මල්වැලක් ගොතන්නේ තාත්තයි මමයි එකතුවෙලා. අපි මල් මාලාවලට අමතරව කෝවිල්වල පූජාවලට අවශ්‍ය කරන සුවඳකූරු, බෙහෙත් ද්‍රව්‍ය යනාදිය වෙළෙඳාම් කරනවා. මේ අවට පොඩි පොඩි කෝවිල්වලට යන බැතිමතුන් තමයි අපේ ප්‍රධානම පාරිභෝගික කණ්ඩායම වෙන්නේ. ඊට අමතරව සැරසිලිවලට මල් ගන්න එන පාරිභෝගික පිරිසක් ඉන්නවා.  
බිස්නස්වල කඩා වැටීමක් නම් නැහැ. පසුගිය ටිකේ වැස්සත් එක්ක මල් පිපීමේ අඩුවත් එක්ක මල්මාලා ගොතන්න අවශ්‍ය කරන මල් ලබාගැනීමේ ගැටලු‍වක් තිබුණා. ඒ වගේම වැස්සත් එක්ක මල් ඉක්මනින් නරක්වීමට ලක්වෙනවා. ඒ හේතුවත් එක්ක මල්මාලා ගෙතීම අනෙක් දිනවලට සාපෙක්ෂව අඩු මට්ටමකට තමයි කළේ. සාමාන්‍යයෙන් අපිට පෙර ලැබෙන ඇණවුම්වලට තමයි අපි මල් මාලා නිර්මාණය කරන්නේ. එනිසා බිස්නස්වල අඩුවක් වෙලා නැහැ.  කාලයක ඉඳන් අපි එක්ක ගනුදෙනු කරන පිරිසක් අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා බිස්නස් කඩා වැටීමක් වෙලා නැහැ. පාරිභෝගිකයාගේ අතේ ඇති මුදලට ඔවුන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන පරිදි විවිධ මිල ගණන්වලින් මල්මාලා මිලදී ගන්න පුළුවන් නිසා පාරිභෝගිකයෝ අපෙන් මල් මාලා ගන්න උනන්දුවක් දක්වනවා.  

මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

බිස්නස්වල කඩා වැටීමක් නම් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site