IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බවර් සමූහය 1000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල හමුව පවත්වයි

(වමේ සිට දකුණට) බවර් නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ (සුවසේවා) නිශාන්ත වීරසිංහ, බවර් කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර්, අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) අනෝජා බස්නායක, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ (කෘෂිකර්මාන්ත) ජානක ගුණසේකර, අධ්‍යක්ෂ (මූල්‍ය සහ අනුකූලතා) පවිත්‍ර සමරසිංහ යන මහත්ම මහත්මීහු

 


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක්වන බවර් සමූහයේ 1,000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම, 2025 අප්‍රේල් 10 වැනිදා පැවැත්වුණි. නවෝත්පාදනය, තිරසරභාවය සහ අඛණ්ඩ වර්ධනය පෙරදැරි කරගත් බවර් සමූහය, වසර 128ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජනතාවට ද ලබාදුන් සුවිශේෂී දායකත්වය සැලකිල්ලට ගැනීමේදී මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මෙරට ව්‍යාපාර ලෝකය තුළ ඓතිහාසික වැදගත්කමක් සහිත අවස්ථාවක් විය. කොළඹ කොටුවේ ඉහළ චැතැම් වීදියේ පිහිටි බවර් ගොඩනැගිල්ලේ මෙම අධ්‍යක්ෂ මණ්ඩල හමුව පැවැත්වුණි.
වර්ෂ 1897 සිට ශ්‍රී ලංකාව තුළ සිදුවූ විවිධ වෙනස්කම්වලට සුදුසු ලෙස අනුවර්තනය වෙමින් ද, විවිධ ව්‍යාපාර මානයන් ඔස්සේ ඉහළට ගමන් කරමින් ද, ගෝලීය මට්ටමේ ප්‍රමිති මෙරටට හඳුන්වාදෙමින් ද අති සාර්ථක ගමන්මඟක් පසුකිරීමට බවර් සමාගමට හැකිවී තිබේ. මෙසේ බවර් සමාගමේ ප්‍රගමනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකොට තිබේ. කෘෂිකර්මාන්තය, ඩිජිටල් පරිවර්තනය සහ සංචාරක කර්මාන්ත අධ්‍යාපනය ආදී විවිධ විෂය ක්ෂේත්‍රවල සමාගම ඉදිරියට යාමට මෙම අධ්‍යක්ෂ මණ්ඩල හමු වැදගත් විය. 
බවර් සමාගම විවිධ ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාර්ථකත්වයට පත්වෙමින් තම ප්‍රජාවට සේවය කිරීමට හැකිවන ආකාරයේ සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට ද අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ලැබුණු දායකත්වය සුළුපටු නොවේ. 
 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත පරිවර්තනය වීමට ඇරඹීමත් සමඟ ක්ෂණිකව ඊට අනුවර්තනය වූ බවර් සමාගම, ස්විට්සර්ලන්තයේ  FiBL සහ HAFL  ආයතනවලට සහයෝගීතාව ද සමගින් තිරසර කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් මහා පරිමාණ සැලසුමක් ද දියත් කරන ලදී. 
අද වනවිට කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් අංග සම්පූර්ණ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද බවර් සමූහයට හැකිවී තිබේ. ඒ විවිධ පාර්ශ්වකරුවන් රැසකගේ සහයෝගය ද සමඟිනි. මෑතකදී සුපර් යූරියා පොහොර හඳුන්වා දෙමින් මෙරට පොහොර භාවිතයේ කාර්යක්ෂතාව විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට ද බවර් සමූහයට හැකිවිය. ද්විත්ව නයිට්‍රජන් ස්ථායීකරණයක් සපයන මෙම සුපර් යූරියා පොහොර මගින් අස්වැන්න වැඩිකරන අතර, පරිසර හානිය ද අවම කරයි. මෙය වර්ෂ 2030 වනවිට ගෝලීය නයිට්‍රජන් අපතේ යාම හරි අඩකින් අඩුකිරීම අරමුණු කරගනිමින් නිකුත් කළ, එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රකාශනයට සමගාමීව ක්‍රියාත්මක කරන ලද නව හඳුන්වාදීමක් වීම ද විශේෂත්වයකි. 
කෘෂිකර්මාන්තයට අමතරව ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්‍රය තුළ ද තම වපසරිය වර්ධනය කරගැනීමට බවර් සමාගම ක්‍රියාකර තිබේ. ගෝලීය සමාගම් සමඟ ඇතිකරගත් විශේෂ උපායමාර්ගික ගෝලීය හවුල්කාරීත්ව තුළින් මෙරටට නවීනතම ඖෂධ සහ වෛද්‍ය තාක්ෂණය ගෙනඒමටත් සමාගම කැපවී කටයුතු කර ඇත. ඒ අතර GSK, Fresenius, Nestlé Health Science, Roche, Sanofi, Isispharma , OMRON, Viatris (formerly Mylan), Sandoz, Ajanta Pharma, Novartis, Alcon, Mega, Merck, Dexa, Eisai, MSD, Encube, CheplaPharm, Johnson &  Johnson, Apex, Vitrolife, Unichem, Rohto, Medtronics, Wellch Allyn, Beckton Dickinson, සහ Geister  වැනි දැවැන්ත ගෝලීය සන්නාම රැසක් වේ. තව ද මෙරට වෛද්‍ය පහසුකම් සඳහා මහජන ප්‍රවේශය වැඩිකිරීමට සහ මිල අවමකරණයට ද එමගින් අවස්ථාව උදාවී තිබේ. 
බවර්හි පාරිභෝගික සේවා අංශය යටතේ ආහාරපාන, සනීපාරක්ෂක, ගෙදරදොර පවිත්‍රතා සහ පෝෂණ වැනි කාණ්ඩ කිහිපයකින්  Turkey Brand, Marico, Emami, Energizer වැනි සන්නාම යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. අති නවීන ගඩබා පහසුකම් මෙන්ම 15,000කට වැඩි ඍජු අලෙවිසැල් ආවරණය කරන පුළුල් බෙදාහැරීම් ජාලයකින් ද සමන්විත බවර් සමාගම සමස්ත දිවයිනම ආවරණය කිරීමට සමත්ව තිබේ.



අදහස් (0)

බවර් සමූහය 1000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල හමුව පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site