IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන ප්‍රවර්ධනයට එක්සත් අරාබියේ අවධානය


විමුක්ති එස් රුද්‍රිගු


බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා අංශ ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන අතරම ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කරනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් පෙරේදා (23) ප්‍රකාශ කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති හමුවකදී මෙම අදහස් පළ කළේය.

දෙරටේ ගැඹුරු සහයෝගීතාවෙන් අන්‍යෝන්‍ය ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර ඇති ශක්තිමත් හා දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ පුළුල් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් පැවැසුවේය.



අදහස් (0)

බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන ප්‍රවර්ධනයට එක්සත් අරාබියේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site