IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බලාපොරොත්තු වෙන මට්ටමට වඩා බිස්නස් අඩුයි

මහරගම කාෂ්මීර් ටෙක්ස්ටයිල් හිමිකරු - ගිහාන් චාවන්‍ය


රෙදි පිළි මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ මහරගමට හෝ පිටකොටුවටය. ඒ රෙදිපිළිවල මිල ගණන් අනෙක් තැන්වලට සාපේක්ෂව අඩු බැවිනි. එමෙන්ම තෝරා ගැනීම සඳහාද සුවිශාල එකතුවක් තිබීම තවත් හේතුවකි.  සිංහල හින්දු අලු‍ත් අවුරුදු සමයත් සමග රෙදිපිළි වෙළෙන්දන්ට සරු කාලයක් උදා වේ. මේ උත්සව සමයේ බිස්නස් පිළිබඳව දැන ගැනීමට අපි මහරගම නගරයට ගියෙමු. මහරගම රෙදිපිළි වෙළෙදසැලක් වන කාෂ්මීර් ටෙක්ස්ටයිල් හි හිමිකරු වූ ගිහාන් චාවන්‍ය මහතා අප හා අදහස් බෙදාගත්තේ මෙලෙසිනි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද ? 
අපි විකුණන්නේ ඇදුම් මැසීමට අවශ්‍ය රෙදි, තිර රෙදි, ඇද ඇතිරිලි, සරම් ආදිය. නිමි ඇදුම් විකුණන්නේ නෑ. සේවකයෝ නමදෙනෙක් ඉන්නවා. අපි තොග බිස්නස් තමයි ප්‍රධන වශයෙන් කරන්නේ. සිල්ලර වෙළෙදාමත් කරනවා. මේ දවස් වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අපි බලාපොරොත්තු වෙන මට්ටමට වඩා අඩුයි. ‍ ගිය අවුරුදු වලට සාපේක්ෂවත් බිස්නස් අඩුයි. රෙදි මිලදී ගැනීමට, කඩ කුලී ගෙවීමට, සේවක වැටුප් ගෙවීමට ආදී තියන වියදම් ටික කරගන්න ලැබෙන ආදායම ඇති. 


Q: බිස්නස් අඩු වීමට බලපෑ හේතු මොනවාද? 
බිස්නස් අඩු වෙන්න එක හේතුවක් තමයි පාරිභෝගිකයන්ට තියන ආර්ථික අපහසුතා. මුදල් අපහසුතා නිසා පාරිභෝගිකයෝ රෙදි වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්නේ නෑ. තව හේතුවක් තමයි මහරගම කියන්නේ රටේ තියන ප්‍රධාන වෙළෙද මධ්‍යස්ථානයක්. මිනිස්සුන්ට අඩු මිල ගණන් වලදී රෙදි පිළි ඇතුළු භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එහෙත් දැන් මේ වෙළෙදාම විසිරිලා ගිහින් තියෙන්නේ. දැන් තොග බඩු මිලදී ගන්න අනිත් නගරවලත් තොග වෙළෙදසැල් නිර්මාණය වෙලා තියෙන්නේ. 
ඒ නගර වල තියන බඩු මහරගමට වඩා මිලෙන් පොඩි ගාණක් වැඩි වුණත් ඒ ලාබෙ බලලා දැන් මහරගමට එන්නෙ නෑ. වාහන කුලියත් එක්ක බලද්දි දුර ඉදන් මෙහෙ එන එකට වඩා වැඩි මිලට හරි ළගම නගර වලින් ගන්න එක පාරිභෝගිකයන්ට ලාබයි. කලින් අවුරුදු වල මේ වෙද්දී අවුරුදු සීසන් පටන් අරන්. ගිය අවුරුදු වල අපි ලක්ෂ 7ක 8ක වගේ බිස්නස් එකක් කළා. මේ අවුරුද්දේ තාම ලක්ෂ 3ක 4ක වගේ බිස්නස් එකක් තමයි කරලා තියෙන්නේ. බිස්නස් බාගයක්ම අඩුවෙලා තියෙන්නේ. බිස්නස් අඩු වෙන්න බඩු මිල නම් හේතුවක් වෙන්නේ නෑ. බඩු මිල අඩු වෙලා තියෙන්නේ. 

ශෂිකා අබේරත්න
ඡායාරූප  - ජයමාල් චන්ද්‍රසිරි 



අදහස් (0)

බලාපොරොත්තු වෙන මට්ටමට වඩා බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site