IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බලාපොරොත්තු වුණ විදිහට බිස්නස් නැහැ


මේ දිනවල බිස්න්ස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ දෙහිවල වෙළෙඳ නගරයේ ශ්‍රී ජයන්ති මහල් (Sri JayanthiMhal) වෙළෙඳ ආයතනය වෙත ය. එම වෙළෙඳ ආයතනයේ හිමිකරුවන එම්.අයි.හනිෆර් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

පසුගිය වසරවල වෙසක් සමයේ සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබුණත් මේ පාර බිස්නස් හොඳටම පහත වැටිලා තියෙන්නේ.

දෙහිවල ශ්‍රී ජයන්ති මහල් වෙළෙඳ ආයතනයේ හිමිකරු එම්. අයි. හනිෆර්

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?

පසුගිය වසරවල වෙසක් සමයේ සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබුණත් මේ පාර බිස්නස් හොඳටම පහත වැටිලා තියෙන්නේ. වෙසක් සමය ඉලක්ක කරගෙන විවිධ සැරසිලි වර්ග සහ විදුලි බුබුළු වෙළෙඳපොළට නිකුත් කළාට බලාපොරොත්තු වුණ විදියට බිස්නස් එකක් තිබුණේ නැහැ.

Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

ගිය වසරවල වෙසක් කාලය වෙද්දී සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් තිබිණත් මෙදා පාර සැලකිය යුතු මට්ටමකට බිස්නස් තිබුණේ නැහැ. භාණ්ඩ මිලේ වැඩිවීමක් වෙලා නැහැ. එහෙත් පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්න වෙළෙඳපොළට එන එක අඩුවෙලා තියෙන්නේ. 

අපි මේ මාසයේ අලෙවිකරන්න පාට බල්බ් 100ක් අරගත්තා. මේ මසේ අවසන් වෙන්නත් තව දින කිහිපයයි තියෙන්නේ. එහෙම අලෙවි කරන්න ගෙනාව බල්බ්වලින් අලෙවිකරගන්න පුළුවන් වූණේ පාට බල්බ් 25ක් විතරයි. වෙන අවුරුදුවල පාට බල්බ් 500ක් 600ක් වගේ විකුණනවා ඊට අමතරව බල්බ්වැල් විකුණනවා. එහෙත් මේ පාර බල්බ්වැල් 10ක් වත් මේ පාර අලෙවිකරන්න බැරිව ගියා. 

වෙසක් පොහොය සහ පොසොන් පොහොයත් එක්ක කලින් වසරවල බිස්නස් තිබුණට ඒ තිබුණ වෙෙළඳපොළ අද වෙද්දී නැහැ. මේ භාණ්ඩ පමණක් නෙමෙයි පාරිභෝගිකයෝ දෛනික අවශ්‍යතාවලට වුවමනා දේවල් මිලදී ගන්න යොමුවනවා මිස සෙසු භාණ්ඩයක් මිලදී ගන්න යොමුවන ප්‍රමාණය අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයාගේ ආර්ථික මට්ටම කඩාවැටීම තමයි බිස්නස් අඩුවෙන්න හේතුව.

මනීෂා වීරසිංහ


ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

බලාපොරොත්තු වුණ විදිහට බිස්නස් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17919 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site