භානුක අමරසිංහ
එක්සත් ජනපදයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ අලෙවි නොවුණු නිවාස ඒකක සියල්ල මිලදී ගැනීමට පියවර ගත් බව වාර්තා වෙයි. වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ අලෙවි නොවූ නිවාස ඒකක හිමිව තිබී ඇත්තේ ඉන්දියාවේ කල්කටාහි පිහිටි සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් සමාගමටයි.
බ්ලැක්ස්ටෝන් සමාගම පසුගියදා මෙම සවුත් සිටි ප්‍රොජෙක්ට්ස් සමාගමට අයත් කල්කටාවේ පිහිටි සවුත් සිටි මෝල් සුපිරි සාප්පු සංකීර්ණය ඉන්දියානු රුපියල් බිලියන 32.5 කට මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ. මේ අතරින් ඉන්දියානු රුපියල් බිලියන 27ත් - 28ත් අතර මුදලක් සවුත් සිටි මෝල් මිලදී ගැනීමටත්, ඉන්දියානු රුපියල් බිලියන 4ත් 5ත් අතර මුදලක් ඇල්ටෙයාර් ව්‍යාපෘතියේ නිවාස ඒකක මිලදී ගැනීමටත් බ්ලැක්ස්ටෝන් සමාගම වෙන්කර තිබෙන බව ඉන්දියානු මාධ්‍ය පවසයි.
මෙම ඇල්ටෙයාර් ව්‍යාපෘතිය සිරස්ව පිහිටුණු මහල් 68කින් සහ ඇලව පිහිටුණු මහල් 63කින් යුත් කුලුණු දෙකකින් සමන්විත වෙයි. එහි ඇති සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව 404 කි. ඒ අතරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් එය විවෘත කෙරුණු අවස්ථාව වනවිටත් අලෙවි වී තිබුණු බව පැවසුණි.
එක්සත් ජනපදයේ බ්ලැක්ස්ටෝන් සමාගම මීට පෙරද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වෙත ආයෝජනය කර ඇති අතර, 2021 වසරේදී ඉන්දියාවේ ඡඨඡ ඨක්ි සමාගම හරහා ශ්‍රී ලංකාවේ පිරාමාල් ග්ලාස් සිලෝන් පිල්සී සමාගමේ සියයට 78ක ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට එම සමාගම පියවර ගෙන තිබේ. බ්ලැක්ස්ටෝන් සමාගම සතු වත්කම්හි වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.1කි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්ලැක්ස්ටෝන් ශ්‍රී ලංකාවේ ඇල්ටෙයාර්හි අලෙවි නොවූ නිවාස සියල්ල මිලදී ගනී