භානුක අමරසිංහ
කොළඹ බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන් තොටුපොළක් ලෙස යළි හඳුන්වාදෙමින් නැවත වරක් Cinnamon Air ගුවන් යානා වෙත එහි මෙහෙයුම් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත් වූ බව වාර්තා වෙයි.
එම අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාව සඳහා Cinnamon Air අයත් Saffron Aviation (Pvt) Ltd සහ ජෝන් කීල්ස් සමූහය යන සමාගම්වල නියෝජිතයන් සහභාගි වී තිබේ. එසේම ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මීට සහභාගි වී ඇත.
අභ්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන “Cinnamon Air” සමාගම, ජලයේ පාවෙන ගුවන් යානා මෙන්ම ගොඩබිම හැසිරවිය හැකි ගුවන් යානා සේවා පිළිබඳ විශේෂඥ සමාගමකි. එම සමාගම සතුව සෙස්නා මාදිලියේ ගුවන් යානා තුනක් පවතින අතර, ඉන් දෙකක් ජලයේද ගොඩබැස්විය හැකි ඒවා වෙයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරේ වැවට යළිත් Cinnamon Air ගුවන් යානා
ගුණරත්න Monday, 07 July 2025 04:04 PM
රෝදය නැවත සොයාගන්නේ කෙසේද කියන පාඩම තමයි මේ ආණ්ඩුව මේ කාලේ ඉගෙනගන්නේ!