IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බොරතෙල් බැරලය යළිත් ඩොලර් 75 පනී

භානුක අමරසිංහ
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී යළිත් ඉහළ යාම සිදු විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 76.59ක් දක්වාද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI)  බොරතෙල් බැරලයක් ඩොලර් 75.13ක් දක්වාත් ඉහළ නැග තිබේ. 
විශේෂයෙන්ම ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් නිසා මැදපෙරදිග කලාපයේ මතුව තිබෙන ආතති තත්වය නිසා සැපයුම් වෙත එල්ල වන බලපෑම බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමට හේතුවකි. මෙම යුද ගැටුම් ආරම්භ වීමට පෙර දිනයේ එනම් 12 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරයක් ඩොලර් 68.56ක් ලෙසත්, WTI බැරලයක් ඩොලර් 66.77ක් ලෙස පැවතුණි. එහෙත් 13 වැනිදා එය එක්වරම ඩොලර් 75ක් ඉක්මවා යළිත් පහළ වැටුණි. එම අගය ජනවාරියෙන් පසු වාර්තා වූ ඉහළම අගය විය.
 කෙසේ වෙතත් ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත්වීමට තීරණය කිරීමත්, බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එකිනෙක ගැටීමත් සමගින් ඇති වූ නෞකා ගිනි ගැනීම්ද තත්වය යළිත් දරුණු කර තිබේ. මෙම හොර්මුස් සමුද්‍ර සන්ධිය මැදපෙරදිග බොරතෙල් අපනයනයේ ප්‍රධානතම මාර්ගයක් වන අතර, ඒ හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කෙරෙන බවත් සඳහන් වෙයි. කෙසේ වෙතත් පවතින ගැටුම් නිසා බොරතෙල් නෞකා එම කලාපය හරහා යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කරන බවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

බොරතෙල් බැරලය යළිත් ඩොලර් 75 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site