2021 දී බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති හොන්ඩා මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව සමඟ ඇති වූ ගෝලීය වෙළඳපොලේ වෙනස්කම් මත පදනම් වී මෙම තීරණය ගත්බව ජපන් මෝටර් රථ නිෂ්පාදක හොන්ඩා සමාගම පැවසුවේය.
ඒ අනුව හොන්ඩා සිවික් මෝටර් රථ ආකෘතිය නිපදවීම නතර කර ඇති බව හොන්ඩා ප්‍රධාන විධායක නිලධාරීවරයා ටෝකියෝහි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.
දකුණු එංගලන්තයේ පිහිටි මෙම කම්හල වසා දැමීම සමඟ රැකියා 3,500 ක් අහිමි වේ.
විශාල මෝටර් රථ සමාගමක් වන ජපානයේ නිසාන් සමාගම බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති ක්‍රීඩා සඳහා උපයෝගී කරගන්නා මෝටර් රථ නිෂ්පාදන සැලසුම් සති දෙකකට පෙර අවලංගු කළේය.
මේ නිසා යුරෝපයේ පුළුල් රැකියා කප්පාදුවක් වන බව විශාල නිෂ්පාදක සමාගම් ද්විත්වයක් වන ජගුවාර් ලෑන්ඩ් රෝවර් සහ ෆෝඩ් මෝටර් සමාගම පසුගිය මාසයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
හොන්ඩා සමාගම නිෂ්පාදනය කරන ඩීසල් වාහන සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති අතර යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය නිසා කලාපය තුළ සිය අනාගත නිෂ්පාදනයට බලපෑම් ඇතිවන බව හොන්ඩා සමාගම පවසයි.
63226
(රොයිටර් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
634
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍යයේ හොන්ඩා මෝටර් රථ කම්හල 2021 දී වැසෙයි