නිමල කොඩිතුවක්කු
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත්, මෙතෙක් එකී ගිවිසුමට අත්සන් තබා නොමැත.
ජාත්‍යන්තරව කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික ඇකඩමියක් වශයෙන් රියෝ බ්‍රැන්කෝ ආයතනය දශක 8 ක් පුරා ලෝකයේ රටවල් 57 ක පමණ රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීමට දායක වී ඇති අතර, රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් සමග සහයෝගිතා ගිවිසුම්වලට එළැඹ තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන් පුහුණු කිරීම හා පුහුණු වැඩසටහන් සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඔවුන්ගේ අධ්‍යයන හා පර් යේෂණ වැඩසටහන් පිළිබඳ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම ආදිය යෝජිත අවබෝධතා ගිවිසුම මගින් අපේක්ෂා කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ සහයෝගීතාවක්