විමුක්ති එස් රුද්‍රිගු
සූර්ය බලශක්තිය සඳහා වන බැටරි සඳහා ආනයනය කරන අවස්ථාවේදී සියයට 46 ක බද්දක් පැනවෙන බැවින් අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඒවා මිල අධික බව පුනර්ජනනීය බලශක්ති පාර්ශ්වකරුවෝ පවසති.
බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් පද්ධති මගින් උත්පාදනය කර රාත්‍රී 6.30 ත් 10.30 ත් අතර ජාතික විදුලිබල පද්ධතියට මුදා හරින විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 45.80 දක්වා ඉහළ දමන බව ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා නිවේදනය කළේය.
එහෙත් ඒකකයට ලැබෙන මිල ඉහළ දැමුවත් බැටරි සඳහා වැයකිරීමට සිදුවන ප්‍රාග්ධන වියදම කෘතිමව ඉහළ දමා ඇතැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේය. බැටරියක් ආනයනය කිරීමේදී ගෙවීමට සිදුවන එකතු කළ අගය මත බද්ද නැවත ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද එම සම්මේලනය පෙන්වා දුන්නේය.
එවන් පසුබිම බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල් පද්ධති සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ලබා දෙන්නේ වසර 10 ක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේය. බැටරියකට දැරීමට සිදුවන ඉහළ ප්‍රාග්ධන වියදම සලකා බැලීමේදී අවම වශයෙන් වසර 20ක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් ලබාදිය යුතු බවද පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය පැවැසුවේය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැටරි ආනයන බදු ඉහළයි: සූර්ය බලශක්තිය මිලදී ගැනීමට වසර 20ක ගිවිසුමක් අවශ්‍යයි
de silva Monday, 30 June 2025 11:57 PM
ඔය බැටරි වලට ගහන තීරුබද්ද 10% පමණ වනතෙක් අඩු කළා කියලා රටට පාඩුවක් නැහැ. මේ බැටරි තිබෙනවා කියන්නේ විදුලිය නිෂ්පාදනය කරන්න තෙල් ගෙන්වන්න යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරිවෙනවා නේද?