IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පීපල්ස් ලීසිං සමාගමෙන් බස්රථ හිමියන්ට ‘හිතමිතුරු’’

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින් පසුගියදා ‘හිතමිතුරු’ නමින් මූල්‍ය සහන සැලසුමක් හඳුන්වා දෙනු ලැබීය. ඒ පවතින කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවාව යළි නගා සිටුවීමේ ජාතික අවශ්‍යතාව සඳහා එම සමාගම විසින් ලබා දෙන දායකත්වයක් ලෙසිනි.

1996 වසරේ පටන් පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ සඳහා කල්බදු  මූල්‍ය සේවා සපයමින් පුද්ගලික මගී ප‍්‍රවාහන සේවාව වැඩි දියුණුකිරීම සඳහා පීපල්ස් ලීසීං සමාගම දායක විය.  එහෙත් පවතින කෝවිඩ් වසංගත තත්ත්වය අභිමුව මාස ගණනක් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බොහෝ පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවා සපයන බස් රථ හිමිකරුවන්ගේ ජීවනෝපායන් සහ ව්‍යාපාර මේ වන විට පසුබෑමකට ලක්වී ඇත.

එවන් පසුබිමක පීපල්ස් ලීසිං සමාගම විසින් ‘හිතමිතුරු’ මූල්‍ය සහන සැලසුම හඳුන්වා දෙන්නේ මූල්‍ය අසීරුතාවට ලක් වූ පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ හිමි ගනුදෙනුකාරභවතුන්ට සලසන සහනයක් ලෙසිනි. ‘හිතමිතුරු’ යනු සියයට 4 - සියයට 6 දක්වා සහනදායී පොලී අනුපාතික  සහ දීර්ඝ කළ ආපසු ගෙවීමේ කාල සීමා සමගින් හඳුන්වා දෙන මුල්‍ය සහන සැලසුමකි.

 අප ව්‍යාපාර ගමන්මගෙහි 25වන කඩඉම පසුකරන මෙම වසරේදී ලාභ ලැබීමේ අරමුණෙන් ඔබ්බට ගොස් කෝවිඩ් උවදුර හමුවේ මූල්‍යමය වශයෙන් බිඳ වැටුණු පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් හිමි ගනු දෙනුකාර භවතුන් යළි නගා සිටුවීම සඳහා අප සමාගමේ දායකත්වයක් ලෙස අපගේ මෙම මුල්‍ය සහන සැලසුම හඳුන්වන්න පුලුවන්. පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මාසිලින් මහතා පැවසීය.



අදහස් (0)

පීපල්ස් ලීසිං සමාගමෙන් බස්රථ හිමියන්ට ‘හිතමිතුරු’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site