යුරෝපා කොමිසම සිය නියෝජිත පිරිසක් පසුගිය දා කොළඹට එවන ලද අතර තවදුරටත් ජී’.එස්.පී. බදු සහන ශ්‍රී ලංකාව වැනි රටකට ලබාදිය යුතු ද යන්න මෙම කණ්ඩායම සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ. යුරෝපා හවුලට අයත් රටවල් විසි හතකට කරන මෙරට අපනයන විදේශ විනිමය ඉපැයීමේ අංශයට ඉතා තියුණු සහායක් ලබාදෙන අතර නියෝජිත පිරිස සමග සාර්ථක සාකච්ඡාවටයක් පවත්වන ෙලස බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ. එම පණිවුඩය පදනම් කරගෙන කොළඹ කොටස් වෙළෙඳ පොළ තවත් වටයකින් ශක්තිමත් වූ අතර කෙසේ වෙතත් විදේශික ආයෝජකයන් සතුව තිබුණ එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය ආවරණය කරන සමාගම් කිහිපයක කොටස් විකිණීම හේතු කොටගෙන එම දර්ශකය පහත වැටිණ.
ඉකුත් සිකුරාදා (මැයි 02) ගනුදෙනුවල දී විදේශික ආයෝජකයන් යුහුසුළුවීම කැපී පෙනිණ. රු. මිලියන 87 ක ශුද්ධ අවාසියක් සිදු වූ නමුත් මිල දී ගැනීම් රු. මිලියන 1,214 ක් හා විකිණීම් රු. මිලියන 1,301 ක් වශයෙන් ගනුදෙනු 357 ක් වාර්තාවීම විශේෂිතය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,851.74 ක් වු අතර එය දර්ශක 51.80 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,638.29 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 5.37 ක පිරිහීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 13,931 ක් වාර්තා වූ අතර සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 72 කි. ගනුදෙනු අවසන් වන විට සමාගම් 12 ක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත ඉහළම වර්ධනයක පැවැතියේය. තවත් සමාගම් 4 ක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත අඩුම අගය වාර්තා කරනලද බව ද දැක්විය යුතුය. දෛනික පිරිවැටුම රු. මිලියන 5,900.3 කි.
ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 214 ක්, පෑන් ඒෂියා රු. මිලියන 197ක්, ලංකා දුම්කොළ රු. මිලියන 82 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන 73ක්, ඒ.සී.එල්. කේබල් රු. මිලියන 72 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 67 ක්, සිංගර් ශ්‍රී ලංකා රු. මිලියන 57 ක්, වැලිබල් වන් රු. මිලියන 51 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 46 ක්, සම්පත් බැංකුව රු. මිලියන 45 ක්, සහ ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 44 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
මෙම වසරේ පළමු මාස 4ට සංචාරකයන් 896,884 ක්. පෙර වසරට සාපේක්ෂව සියයට 14.3 වර්ධනයක්
ඇමෙරිකාවේ තීරු බද්ද හේතුවෙන් මතුව ඇති අවිනිශ්චිතතාව මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳ දමා ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ස
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව එක්සත් අරාබි එමීරයේ ඩුබායිහි පිහිටි ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයෙහි (DIFC - Dubai International Financial Centre) සිය
වර්තමානයේදී සිය සමාගම දේශීය කුකුළු මස් වෙළෙඳපොළ වෙත සිදු කරන අතිරික්ත සැපයුමත් සමගින් සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ ඇති අවස්ථා සො
මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර
මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු පසුගියදා ආරම්භ ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පිරිවැටුම ඉහළ නංවන විදේශීය ගනුදෙනු