IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි

 

  • ශ්‍රී ලංකා රජය හා තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන 13ක් එක්ව පිහිටුවා ගත් ආයතනයක් 
  • ADB  හරහා රජයට ලැබුණු ඇ.ඩො. මිලියන 55ක් දිගුකාලීන ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස යොදා ගෙන
  • ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනකට ඇපකර ලබාදෙයි
  • ව්‍යාපාරවලට අනුමත කරන අවම හා උපරිම ණය මුදල රුපියල් 500,000 සහ රු.මිලියන 25ක්

භානුක අමරසිංහ


මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

මෙහිදී ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා ඇපකර ලබා දුන් අතර එම මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා අනුමත කරන ලද ණය පහසුකම් අර්ධ වශයෙන් ආවරණය කරමින් ණය සුරැකුම් ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ජාතික ණය සුරැකුම් ආයතනය විසින් සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් (CDB ), කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව වෙත කෘෂි ව්‍යාපාරවල නියැලී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තිදෙනකු සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් පළමු ඇපකර නිකුත් කිරීම සිදු කර තිබේ. 

මෙම ක්‍රමය යටතේ, ගනුදෙනුකරුවන්ගේ ණය සඳහා දේපළ ඇපකර මත යැපීම වෙනුවට මුදල් ප්‍රවාහ මත පදනම්ව මූල්‍ය ශක්‍යතාවක් සහිත ව්‍යාපෘති හඳුනාගනිමින් ආයතනයේ කොටස් හිමි බැංකු හා මූල්‍ය ආයතනවලට තනි ඇප ආවරණයක් ලබා දෙමින්, ඒකී ආයතන ණය ලබා දීම සඳහා දිරිමත් කිරීම සිදුකරයි.

ශ්‍රී ලංකා රජය හා මූල්‍ය ආයතන එක්ව මෙරට කොඳුනාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ උන්නතිය උදෙසා ජාතික තලය තුළ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රජය හා තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන 13 ක් අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP ) ආකෘතිය යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය සංස්ථාගත කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය මුහුණදෙන මූල්‍ය ප්‍රවේශ සඳහා පොදු අභියෝගයක් වන ඇප ගැටලු‍වට විධිමත් බැංකු ප්‍රවාහ හරහා විසඳුමක් ලබා දීමේ මූලික අරමුණ ඇතිවය.

ඇමරිකානු ඩොලර් මිලියන 55ක දිගුකාලීන ප්‍රාග්ධන ආයෝජනයක් සහිතව සංස්ථාගත කර ඇති ජාතික ණය සුරැකුම් ආයතනයේ සියයට 90ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය වෙත ආසියානු සංවර්ධන බැංකුව හරහා ලැබුණු ඩොලර් මිලියන 50ක දිගු කාලීන අරමුදල් මගින්ද, ඉතිරි සියයට 10ක කොටස් හිමිකාරීත්වය වාණිජ බැංකු 8ක්, බලපත්‍රලාහී විශේෂ බැංකු 2ක් සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 3ක් ඇතුළු මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, එන් ඩී බී බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, ඒල් බී ෆිනෑන්ස් ආයතනය, සෙට්‍රල් ෆිනෑන්ස් ආයතනය, සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් ආයතනය යන ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතන 13ක් විසින් දරනු ලබයි.

මෙම වැඩසටහන මගින්, දැනටමත් සාර්ථකව ක්‍රියාත්මකවන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය හෝ සාර්ථක අරමුණක් ඇති ආරම්භක ව්‍යාපාර සඳහාද, ව්‍යාපාරයේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනය නොයික්ම වන අවස්ථාවලදී, හවුල්කාරී බැංකු හා මූල්‍ය ආයතන දහතුනෙන් ඕනෑම ආයතනයකින් කාලීන ණයක් සඳහා ඉල්ලු‍ම් කළ හැකි අතර ඔවුන් විසින් අනුමත කරන ණය ප්‍රමාණයෙන් සියයට 67 ක් දක්වා ණය ඇපකරයක් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය වෙත අයදුම් කළ හැකිය.

මෙම වැඩසටහන යටතේ ප්‍රාග්ධන වියදම් හා ස්ථීර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා හවුල්කාරීත්ව බැංකු හා මූල්‍ය සමාගම් විසින් අනුමත කරනු ලබන අවම හා උපරිම ණය මුදල පිළිවෙළින් රුපියල් 500,000 සහ රුපියල් මිලියන 25ක් වේ.



අදහස් (0)

ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

පළමු මාස හතරේදී සංචාරක පැමිණීමේ සියයට 14.3 වර්ධනයක්
2025 මැයි මස 05 39 0

මෙම වසරේ පළමු මාස 4ට සංචාරකයන් 896,884 ක්. පෙර වසරට සාපේක්ෂව සියයට 14.3 වර්ධනයක්


ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳවැටිලා
2025 මැයි මස 05 31 0

ඇමෙරිකාවේ තීරු බද්ද හේතුවෙන් මතුව ඇති අවිනිශ්චිතතාව මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳ දමා ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ස


කොමර්ෂල් බැංකුව ඩුබායි මූල්‍ය මධ්‍යස්ථානයේ කාර්යාලයක් පිහිටුවීමට යයි
2025 මැයි මස 05 46 0

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව එක්සත් අරාබි එමීරයේ ඩුබායිහි පිහිටි ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයෙහි (DIFC - Dubai International Financial Centre) සිය


ප්‍රීමා චිකන් අපනයන වෙළෙඳ පොළට පිවිසීමේ අපේක්ෂාවක
2025 මැයි මස 05 26 0

වර්තමානයේදී සිය සමාගම දේශීය කුකුළු මස් වෙළෙඳපොළ වෙත සිදු කරන අතිරික්ත සැපයුමත් සමගින් සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ ඇති අවස්ථා සො


මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමැති අතට
2025 මැයි මස 05 12 0

මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර


ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි
2025 මැයි මස 05 17 0

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු පසුගියදා ආරම්භ ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 716 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site