IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පුළුල් මූල්‍ය පාලනයකින් ඉදිරි වසර 10දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7ක වර්ධනයක්

  • වගවිමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් සමස්ත ණය ප්‍රමාණය සියයට 6 ක ප්‍රතිශතයකින් අඩුකරගත හැකියි
  • ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමින් ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් තීරණය අත්‍යවශ්‍ය වූ තීරණයක්
  • බාහිර ණය හිමියන් මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් කපාහැරලා
  • ඩොලර් බිලියන 25 ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කරලා
  • ශ්‍රී ලංකාවේ අත්දැකීම ලෝකයට වැදගත් පාඩමක්
  • ලෝක බැංකුවේ දත්ත වලට අනුව පසුගිය වසරේ මෙරට දුගී අනුපාතය සියයට 24.5 ක්

විමුක්ති එස් රුද්‍රිගු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත්

මෙරට පුළුල් මූල්‍ය පාලනයක් ඇති කිරීම සහ වගවිමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි වසර 10දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් වර්ධනය කරගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකර ඇති විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඊයේ (16) ප්‍රකාශ කළාය.

එසේම මෙරට පුළුල් මූල්‍ය පාලනයක් ඇති කිරීම සහ වගවිමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි වසර 10දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මෙරට සමස්ත ණය ප්‍රමාණය සියයට 6 ක ප්‍රතිශතයකින් අඩුකරගත හැකි බවද එම විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇතැයි ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම තාවකාලිකව අත් හිටුවීමින් ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් තීරණය අත්‍යාවශ්‍ය තීරණයක් බවද ඇය ප්‍රකාශ කළාය. මෙරට ණය පිළිබඳව ගත් තීරණය ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මත පැටවුණු බර ලිහිල් කිරීමට උපකාරී වූ බවද ඇය ප්‍රකාශ කළාය. බාහිර ණය හිමියන් මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් කපාහැර ඇති බවත් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 25 ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ආචාර්යවරිය පැවැසුවාය.

මෙරට බැඳුම්කර නැවතත් ගෝලීය දර්ශකවලට ඇතුළත්ව ඇති බවත් එහි ණය ශ්‍රේණිගත කිරීමද වැඩිදියුණු වී ඇති බවත් ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ අත්දැකීම ලෝකයට වැදගත් පාඩමක් කියාදෙන බව ඇය පැවැසුවාය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය අභියෝග කීපයකට මූණදුන් බවත් අනෙක් සෑම ප්‍රතිව්‍යුහගතකරණයකදී මෙන්ම ණය සහන සහ ප්‍රතිපත්ති ගැළපීම් වල එකතුවක් හරහා ණය තිරසාරභාවය ඇති කර ගැනීමට සිදුවූ බවත් ඇය ප්‍රකාශ කළාය. එය සංකීර්ණ ක්‍රියාවලියක් වූ බවද ඇය ප්‍රකාශ කළාය. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බාහිර ණය හිමියන්ට සම්බන්ධීකරණය පවත්වාගැනීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමට සිදුවූ බවත් සැමට එම අවස්ථාව නොතිබූ බවත් ඇය පැවැසුවාය.

ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය යන රටවල් සභාපතිත්වය දරන නිල ණයහිමියන්ගේ කමිටුව මෙරට බොහෝ ණයහිමියන් එක් තැනකට එකතු කළ බවත් චීනය නිල නොවන මට්ටමින් කමිටුව සමග කටයුතු කළ බවත් ඇය ප්‍රකාශ කළාය. ණය හිමියන්ගේ කමිටුවක් ක්‍රියාත්මක වුවත් විවිධ ණය කණ්ඩායම් හරහා තොරතුරු රැගෙන යාමේදී ශ්‍රී ලංකාව අභියෝගවලට මුහුණ දුන් බවද ඇය පැවැසුවාය. එම කාර්යයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සක්‍රීයව දායකත්වය ලබාදුන් බවද ඇය ප්‍රකාශ කළාය.

මෙරට රාජ්‍ය ණයෙන් බහුතරය දේශීය ණයවූ බැවින් බාහිර ණය සහන පමණක් මෙරට ණය තිරසරභාවය නැවත ඇති නොකරන බව බලධාරීන් හඳුනාගත් බවත් ඒ හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට දේශීය ණයද ඇතුළත් කර ගැනීමට බලධාරීන් තීරණය කළ බවත් ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පැවැසුවාය.

අනාගතයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන රටවලට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අත්දැකීම පාඩම් කීපයක් කියාදෙනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

ලෝක බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසරේ මෙරට දුගී අනුපාතය සියයට 24.5 ක් වූ බවත් එය ඉතාමත් ඉහළ ප්‍රතිශතයක් බවත් ගෝපිනාත් මහත්මිය පැවැසුවාය. එම දුගී අනුපාතය ඉක්මනින් පහළට ගෙන ආ යුතු බවත් අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් ඇය ප්‍රකාශ කළාය. දූෂණය මැඩපැවැත්වීම සඳහා දැඩි ප්‍රතිසංස්කරණ අවශ්‍ය වනු ඇති බවත් රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ රජයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් ආචාර්යවරිය පැවැසුවාය. 

වසර ගණනාවක් තිස්සේ බදු ආදායම පහත වැටීමත්, විදේශ විනිමය සංචිත ක්ෂය වීමත් සමග මෙරට ආර්ථික වර්ධනය පහළ යද්දී රාජ්‍ය ණය දරාගත නොහැකි මට්ටමින් ඉහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ප්‍රකාශ කළාය.

අසීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත්, මෙරට ජනතාවගේ කැපවීමත් හේතුවෙන් සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීමේ සහ තම ජනතාව මුහුණදුන් දුෂ්කරතා අවම කිරීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවද ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සඳහන් කළාය. 

මෙරට ජනතාවගේ කැපවීමත්, ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ අසීරු ප්‍රතිසංස්කරණත් හේතුවෙන් උද්ධමනය පාලනය කිරීමට හැකියාව ලැබුණු බවත් පසුගිය වසරේ සියයට 5 ක ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනිමින් නැවත ධනාත්මක ආර්ථික වර්ධන මාවතක් කරා අවතීර්ණ වීමට හැකියාව ලැබුණු බවත් ඇය පැවැසුවාය.

මූල්‍ය අංශයට රජය සැලකිය යුතු වෙනස්කම් කර තිබෙන බවත් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි මට්ටමකින් ඉහළ දමාගෙන තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

එසේම රාජ්‍ය පාලනය වැඩිදියුණු කිරීමට රජය දැඩි අවධානයක් යොමුකර තිබෙන බවත් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මෙන්ම තිරසාර වර්ධනයක් සහතික කිරීමටත් එය අත්‍යාවශ්‍ය කරුණක් බවත් ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පැවැසුවාය. රාජ්‍ය පාලනය වැඩි දියුණු කිරීමේදී මහ බැංකුවේ ස්වාධීනත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ දූෂණ විරෝධී නීති රාමුව ශක්තිමත් කිරීම ඇතුළු සන්ධිස්ථාන ගණනාවක් ශ්‍රී ලංකාව පසුකර තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

”‍ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, ණය සහ පාලනය”‍ යන තේමාව යටතේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (16) පැවැති සමුළුවට විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වෙමින් ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙම අදහස් පළ කළාය. 

 



අදහස් (0)

පුළුල් මූල්‍ය පාලනයකින් ඉදිරි වසර 10දී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site