IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළමු මාස 8 දී විදෙස්ගත ලාංකිකයන් එවූ මුදල ඩොලර් බිලියන 5.11 ක්

පසුගිය වසරේ පළමු මාස 8 ට සපෙක්ෂව සියයට 19.3 ක වර්ධනයක්

විදෙස්ගත ලාංකිකයන් අගෝස්තු මාසයේදී මෙරටට එවූ මුදල ඩොලර් මිලියන 680.8 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 8 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.11 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා ඇති බවත්, එය පසුගිය වසරේ පළමු මාස 8 ට සපෙක්ෂව සියයට 19.3 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ පළමු මාස 8 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.28 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි. එසේම පසුගිය මාසයේදී විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 680.8 ක මුදලක් මෙරටට ඒවා ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් මිලියන 577.5 ක මුදලක් එවා තිබිණි.

පසුගිය වසරේදී විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබූ අතර, වත්මන් ප්‍රවණතාව අනුව එම මුදල මෙම වසරේදී පසුකර යාමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙරටට වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන්නේ මැද පෙරදිග රටවල්වලින් වන අතර, කුවේටය, සෞදි අරාබිය, කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෙරමුණේ සිටී.



අදහස් (0)

පළමු මාස 8 දී විදෙස්ගත ලාංකිකයන් එවූ මුදල ඩොලර් බිලියන 5.11 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site