
පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 12.40 ක වර්ධනයක්
යුරෝපා සංගමයට කළ අපනයන සියයට 18.13 කින් වර්ධනය වෙලා
පළමු මාස හතරේදී ඇමෙරිකාවට ඩො.මි. 616.54 ක සහ පසුගිය අප්‍රේල් මාසයේදී ඩො.මි. 121.89 ක ඇඟලුම් අපනයනය කරලා
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 4 දී ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.65 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 4 ට සාපේක්ෂව සියයට 12.40 ක වර්ධනයක් බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.
එසේම පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මෙරට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 344.40 ක් බවත් එය 2024 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 15.14 ක වර්ධනයක් බවත් එම සංසදයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ මෙන්ම මෙම වසරේ පළමු මාස හතර තුළදීද පෙර වසරට සාපේක්ෂව යුරෝපා සංගමයට කළ ඇඟලුම් අපනයන සැලකිය යුතු ප්‍රතිශතයකින් වර්ධනය වී ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී යුරෝපා සංගමයට සිදුකළ අපනයන සියයට 27.04 කින් සහ පළමු මාස හතර තුළදී යුරෝපා සංගමයට සිදුකළ අපනයන සියයට 18.13 කින් වර්ධනය වී ඇතැයිද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මෙම වසරේ පළමු මාස හතර තුළදී මෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී වැඩිම ඇඟලුම් අපනයන ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ඇමෙරිකාවට බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පැවැසුවේය.
මෙම වසරේ පළමු මාස හතරේදී ඇමෙරිකාවට ඩොලර් මිලියන 616.54 ක සහ පසුගිය අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 121.89 ක ඇඟලුම් අපනයන කර ඇතැයි එම සංසංදයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු මාස 4 දී ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 1.65 ක ආදායමක්